Cricket GossipEXCLUSIVE

පුංචි දියණියකගේ නත්තල් සිහිනය සැබෑවක් බවට පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක..

ලොවට සාමයේ පණිවුඩය රුගෙන සියලූ මිනිස් වර්ගයා පාපක්‍ෂයෙන් මුදාගනු සඳහා මිනිස් වෙසින් ලොව පහළ වූ සාමයේ කුමරුවන් එනම් ජේසුස් බිලිඳුන්ගේ උපත සිහිකිරීම ඊයේ (25) දින අති උත්කර්ෂවත් ලෙස ලොවපුරා සිදු කෙරුනා.

කෙසේ නමුත් පවතින ආර්ථික තත්ත්වය හමුවේ නත්තල සැමරීම හැම දෙනාටම එකසේ සිදු කිරීමට හැකියාවක් නොමැති බව සැවොම දන්නා කාරණයක්.

මේ අතර ශ්‍රී ලංකා සීමිත පන්දු වාර නායක දසුන් ශානක විසින් පුංචි දියණියකගේ නත්තල් සිහිනයක් සැබෑ කරදීමට කටයුතු කල ආකාරය දැක්වෙන පුවතක් අපට වාර්තා වුනා.

හිරු TV නාලිකාව විසින් මෙවර නත්තල සැමරීම පිළිබඳව ජනතා අදහස් විමසන අවස්ථාවේ, එලෙස හමු වූ වේයන්ගොඩ නාරන්වත්තේ පදිංචි ඉමෝක්ෂා රවිහාරි දැරියගේ මේ අහිංසක බලාපොරොත්තුව දහවල් පුවත් විකාශය අතරතුර විකාශය කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ ඉල්ලීම වෙනුවෙන් අවධානය යොමුකළ හිරු ටී.වී. ප්‍රේක්ෂකයින් පිරිසක් ඊයේ (25) පෙරවරුවේ ඉමෝක්ෂාගේ නිවසට නත්තල් සතුට බෙදාහදා ගැනීම සඳහා අගේ නිවසටද ගොස් තිබෙනවා.

ඊට අමතරව මෙම පුවත විකාශනය වනවා දුටු ශ්‍රී ලංකා සීමිත පන්දු වාර නායක දසුන් ශානක මෙම සිඟිත්තියගෙ නත්තල් සිහිනය සැබෑවක් බවට පත් කිරීම සඳහා එම හිරු මාධ්‍යවේදියා හරහා විශේෂ මුදලක් පරිත්‍යාග කර තිබෙන අතර දසුන් පරිත්‍යාග කළ මුදලින් ඉමෝක්ෂා සිහින මැවූ නත්තල් තෑගි ලබාදීමට හිරු වාර්තාකරු කටයුතු කර තිබුනා.

ඒ වෙනුවෙන් හිරු නිව්ස් තැබූ විශේෂ සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7