Cricket NewsEXCLUSIVEMatch Review

අවධානම් අඩියක සිටි බටහිර ඉන්දීය කොදෙව්වන් සිම්බාබ්වේ පරාජය කරමින් නැවතත් ලෝක කුසලානයට අවතීර්ණ වෙයි.!

අල්සාරි ජෝෂප් සහ ජේසන් හෝල්ඩර් යන දෙදෙනා එක්ව කළ පන්දු යැවීම නිසා සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 31 කින් පරාජය කළ කොදෙව්වෝ, ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි වටයට පිවිසීමේ බලාපොරොත්තු තව දුරටත් රඳවා ගැනීමට සමත් වුනා.

පසුගිය සඳුදා ස්කොට්ලන්තය හමුවේ පරාජය වීම හේතුවෙන් අවදානම් අඩියකට පිවිස සිටි කොදෙව් කණ්ඩායම අද නැවතත් ලෝක කුසලාන බලාපොරොත්තු අලුත් කර ගැනීමට සමත් වුයේ සිම්බාබ්වේ ඉදිරියේ ලැබූ ජයග්‍රහණය හේතුවෙනි.

තරඟයේ කාසියේ ජය ගත් කොදෙව්වන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

කොදෙව් ඉනිමේ අවසන් පන්දුවාරයේදීම දෙකෙදී රෝමන් පවෙල් කළ අනුකම්පා විරහිත ප්‍රහාරය හේතුවෙන් සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක සීමාවෙන් එතෙර වූ කොදෙව්වෝ, කඩුලු 7 ක් දැවී ලකුණු 153 ක් ලබාගත්හ. ඉනිමේ 14 වැනි පන්දුවාරය නිමාවේදී ලකුණු 101 කට කොදෙව් කඩුලු 6 ක් වැටී තිබුණ නමුත්, රෝමන් පවෙල් සහ අකීල් හොසේන් එක්ව ලකුණු 150 සීමාවෙන් ඔබ්බට කොදෙව් කණ්ඩායම කැඳවාගෙන ගියා.

අද තරඟයේ කෙටි ලකුණු පුවරුව

බටහිර ඉන්දීය කොදෙව් – 153/7 (20)

කයිල් මේයර්ස් 13,
ජොන්සන් චාල්ස් 45,
එවින් ලුවිස් 15,
රෝමන් පවෙල් 28,
අකීල් හොසේන් 23*,

බ්ලෙසින් මුසෙරබානි 38/2,
සිකන්දර් රාසා 19/3

සිම්බාබ්වේ – 122/10 (18.2)

වෙස්ලි මැදව්වේරේ 27,
රෙගීස් චකබ්වා 13,
සිකන්දර් රාසා 14,
රයාන් බර්ල් 17,
ලූක් ජොන්ග්වේ 29,

අල්සාරි ජෝෂප් 16/4,
ජේසන් හෝල්ඩර් 12/3

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7