Cricket NewsEXCLUSIVE

තරඟ ප්‍රවේශපත්‍රවලින් ලැබෙන සියලු ආදායම් ජනතාවගේ ගැටලු නිරාකරණයට යෙදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි.!

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන සියලුම ආදායම් රට තුළ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය තීරණය කර තිබේ.

තරගාවලියේ ආරම්භයට පෙර ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා මහතා අවධාරණය කරමින් සඳහන් කර සිටියේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන සම්පූර්ණ මුදල් මහජනතාව වෙනුවෙන් පරිත්‍යාග කර සිටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව තීරණය කළ බවයි.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමා, ශම්මි සිල්වා මහතා අපි සමඟ සාකච්ඡා කරලා මේ ප්‍රවේශපත්‍රවලින් ලැබෙන සම්පූර්ණ ආදායම අපේ ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් ලබා දෙන්න තීරණය කළා. මේ ආදායමෙන් ලැබෙන සියලුම මුදල් අපි ක්‍රීඩා අමාත්‍යවරයා‌ ‌වෙත ලබා දීමට කටයුතු කරනවා. මේ තරගාවලිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යතුමා අපිට ලොකු සහයෝගයක් ලබා දෙනවා ” යැයි මොහාන් ද සිල්වා මහතා සදහන් කර සිටියේය.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් ඉහත තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ගෙන තිබේ.

මේ තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විතරක් නොවෙයි. මුළු රටටම වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඩොලර් මිලියන දෙකහමාරක් විතර ආදායමක් මේ තරගාවලිය හරහා අපිට ලැබෙනවා.

ඒ මුදල් ඔක්කොම රට තුළ තමයි පරිහරණය වෙන්නේ” යැයි මොහාන් ද සිල්වා මහතා වැඩිදුරත් සඳහන් කර සිටියේය.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7