Cricket NewsEXCLUSIVEIPL

CricTracker වෙබ් අඩවිය විසින් මෙවර IPL තරඟාවලියේ “ගෙවූ මුදලට ඉහළම සාධාරණයක් කළ” ක්‍රිඩකයන් 5 අතරට වනිඳුව නම් කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා අවසන් වුයේ මෙවර තරඟාවලියට අලුතින්ම එක් වූ Gujarat Titans කණ්ඩායමට කුළුඳුල් ශුරතාවය හිමිකර දෙමිනි.

මේ අතර ජනප්‍රිය ක්‍රිකට් වෙබ් අඩවියක් වන CricTracker වෙබ් අඩවිය විසින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගෙවූ මුදලට ඉහළම සාධාරණයක් කළ ක්‍රීඩකයින් 5දෙනා පිළිබඳව විශේෂ සටහනක් තබා තිබෙනවා.

මෙවර IPl තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී වැඩිම මිලකට අලෙවි වු ක්‍රීඩකයා බවට පත්වූයේ Ishan Kishan ඔහුව ඉන්දීය රුපියල් කෝටි 15.25කට Mumbai Indians කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා. පිළිවෙළින් එහි දෙවන හා තෙවන වැඩිම මිලකට අලෙවි වූයේ Deepak Chahar සහ Shreyas Iyer.

කෙසේ නමුත් මෙම ක්‍රීඩකයින් තිදෙනාම මෙම ගෙවූ මුදලට කණ්ඩායමට අතිශය සාධාරණය කළ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වී නැහැ.

CricTracker වෙබ් අඩවිය විසින් නම් කරන ලද මෙම ක්‍රීඩකයන් පස් දෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග නම් වී තිබීම විශේෂත්වයක්.

වනිදු ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 10.75 කට Royal Challengers Bangalore කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.

එම මුදලට අතිශය සාධාරණයක් කළ වනිදු හසරංග Royal Challengers Bangalore ඉතිහාසයේ විදෙස් පන්දු යවන්නෙකු ලබාගත් වැඩිම කඩුලු සංඛ්‍යාව එනම් කඩුලු 26ක් තරගාවලිය පුරාවට බිඳ හෙලීමට සමත් වුවා. ඒ7.54ක සාමාන්‍යක් පවත්වාගනිමින්.

වනිදු හසරංගට අමතරව Punjab Kings කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 11.5 කට මිලදී ගත් Liam Livingstone, Lucknow Super Giants විසින් ඉන්දීය රුපියල් කෝටි 6.75කට මිලදී ගත් Quinton De Kock, Rajstan Royals කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 6.5කට මිලදී ගත් Yuzvendra Chahal සහ Sunrises Hydrabad කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 6.5 කට මිලදී ගත් Abhishek Sharma නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7