Cricket NewsEXCLUSIVEInternational

සමාජ ශාලාවක් අසලදී සිදුවූ දරුණු පරහදීමක් හේතුවෙන් කෝමා තත්වයේ සිටි දකුණු අප්‍රිකානු යොවුන් ක්‍රීඩකයා සුව අතට !

South African bowler Mondli Khumalo in hospital after assault | The Cricketer

ඉකුත් මැයි 29 වැනිදා එක්සත් රාජධානියේ සමර්සෙට් හි බ්‍රිජ්වෝටර් හි ෆ්‍රියාන් වීදියේ ග්‍රීන් ඩ්‍රැගන් නම් සමාජ ශාලාව අසලදී උතුරු පෙතර්ටන් කණ්ඩායම නියෝජනය කරන දකුණු අප්‍රිකානු යොවුන් ක්‍රීඩක මොන්ඩ්ලි කුමාලෝට ප්‍රහාරයක් එල්ල විය.ඔහු දකුණු අප්‍රිකාණු 19 න් පහළ කණ්ඩායමද මීට පෙර නියෝනය කල අතර එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා ඔහු එක්සත් රාජධානියේ මේ දිනවල රැඳී සිටින අතර තුර මෙම පහර දීම සිදුවිය.

South African Cricketer Mondli Khumalo Hospitalised After Assault Outside UK Pub: Reports | Cricket News

ප්‍රහාරයෙන් පසු 20 හැවරිදි කුමාලෝගේ තත්වය තරමක් බරපතල වූ බව සඳහන්.29 වැනිදා උදෑසන ඔහුට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව බ්‍රිස්ටල් හි සවුත්මෙඩ් රෝහලට කුමාලෝ ඇතුලත් කල අතර එහිදී ඔහු කෝමා තත්වයකට පත්ව සිටියේය.

Young South African Cricketer Mondli Khumalo In Serious Condition In The UK Hospital

අභ්‍යන්තර ලේ ගැලීම් තුනක් හෙතුවෙන් සැත්කම් තුනකට කුමාලෝ භාජනය වූ අතර ඉන් අනතුරුව කෙමෙන් කෙමෙන් යොවුන් වේගපන්දු යවන්නාගෙ තත්වය වඩාත් යහපත් අතට පත්වූ බවක් පෙනෙන්නට තිබේ.

ඔහුගේ කණ්ඩායමේ සගයා වන Lloyd Irish තම ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් පැවසුවේ “මොන්ඩ්ලි දිගටම දියුණු වෙමින් පවතිනවා.දැන් තනිවම හුස්ම ගනිමින් සිටින අතර ඔහු දැන් ඔහුගේ කෝමා තත්ත්වයෙන් මිදී තිබෙනවා.අප කතා කරන විට හුස්ම ගැනීමේ නල ඉවත් කරනු ලැබනවා.” යනුවෙනි.

South African Cricketer Mondli Khumalo Assaulted Outside UK Pub: Reports

පහරදීමට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පසුව ඇප මත නිදහස් කල බව එක්සත් රාජධානි පුවත් පත් වාර්ථා කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7