Cricket NewsEXCLUSIVEIPL

භානුක,Shikhar,Jitesh Sharma, ඇතුළු ප්‍රභල කඩුලු 4ක් බිඳ හෙලමින් Punjab Kings හි අවසන් වටයේ බලාපොරොත්තු සුන් කළ Shardul Thakurගේ විශිෂ්ට පන්දු යැවීම.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර තරගාවලියේ 64වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ Delhi Capitals කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් ලකුණු 17ක ජයක් වාර්තා කරමින් මෙවර තරඟාවලියේ අවසන් වටය පිළිබඳව තවදුරටත් බලපොරොත්තු තබා ගැනීමට Delhi Capitals සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල Punjab Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Delhi Capitals කණ්ඩායමට අරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 160ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Punjab Kings පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 142ක් පමණයි

ලකුණු 159ක් ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Punjab Kings පිතිකරුවන්ගේ ප්‍රභල කඩුලු 4ක් බිඳ හෙලමින් තරඟයේ තීරණය උඩූ යටිකුරු කිරීමට Shardul Thakur සමත් වුනා.

Shardul Thakur විසින් ප්‍රතිවාදී Punjab Kings පිතිකරුවන්ට ලකුණු 36ක් ලබා දෙමින් Bhanuka Rajapaksa, Shikhar Dhawan, Jitesh Sharma, Kagiso Rabada යන ප්‍රභල ක්‍රීඩකයන් සිව් දෙනාගේ කඩුලු බිඳ හෙලුවා.

Shardul Thakurගේ එම විශිෂ්ට පන්දු යැවීම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button