Cricket NewsEXCLUSIVE

“අපිට තියෙන්නෙ පිට්ටනි 4යි, ලෝක කුසලානයක් තනියම කරන්න බැරි ඒකයි” – ක්‍රිඩා ඇමති නාමල්ගෙන් විශේෂ අනාවරණයක්.!

2026 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට හිමිවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගිය දා නිල වශයෙන් වෙබ් අඩවිය හරහා නිවේදනය කර සිටියා.

කෙසේ නමුත් ඊයේ දින පාර්ලිමේන්තුවේ දී ‍ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවට තනිව ක්‍රිකට් ලෝක කුසලානයක් සඳහා සත්කාරකත්වය දැක්වීමට නොහැකි හේතුව පිළිබඳ විශේෂ අනාවරණයක් සිදු කරනු ලැබුවා.

එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ක්‍රිකට් ලෝක කුසලානයක සත්කාරකත්වය තනිව දැරීමට නම් අවම වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන 5 ක් වත් තිබිය යුතු බවයි.

නමුත් ශ්‍රී ලංකාව තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන 4ක් පමණක් බවත් එම හේතුව නිසා ශ්‍රී ලංකාවට තනිව සත්කාරකත්වය දැරීමට නොහැකි බවත් යම් හෙයකින් එම ක්‍රිඩාංගන 4ද නොතිබුනානම් අනෙක් රටවල් සමග සහයෝගයෙන් හෝ සත්කාරකත්වය දැරීමට නොහැකි වන බවද ඒ මහතා අනාවරණය කර සිටියා.

ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඒ පළිබඳව පාර්ලිමේන්තුවේ දැක්වූ ප්‍රකාශයක් පහතින්

අදට අපට ක්‍රිකට් ජාත්‍යන්තර පිට්ටනි 4 යි තියෙන්නේ. අපට 5 ක් තිබ්බා නම් වර්ල්ඩ් කප් එකක් තනියම host කරන්න පුළුවන්.අපට 5 ක් නැති නිසා තමයි අපි අසල්වාසි රටවල් එක්ක එකතු වෙලා වර්ල්ඩ් කප්වලට bidding වලට යන්නේ.

අපට capacity එක තිබුණත් ක්‍රීඩා ස්ටේඩියම් ප්‍රමාණය අඩු නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ.හතරක්වත් නොතිබුණා නම් කොහොමවත් අපට co-host කෙනෙක්වත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7