Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ධුරය එළඹෙන අප්‍රේල් මස සිට දේශිය පුහුණුකරුවකු පිරිනැමීමට ක්‍රිකට් ආයතනයේ අවධානය.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මේ වන විට ප්‍රධාන පුහුණුකාරී ධුරය හිස්ව පවතින අතර වැඩබලන පුහුණුකරුවරයා ලෙස රැමේශ් රත්නායක මහතා මේ වනවිට කටයුතු කරනු ලබනවා.

කෙසේ නමුත් තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය හිමි වන්නේ කවුරුන් හට දැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වේදනය කර නොමැති අතර විදෙස් පුහුණු කරුවන් අතර ඒ සම්බන්ධයෙන් සීතල යුද්ධයක් පවතින බවද අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

මේ අතර ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කර සිටින්නේ වර්තමානයේ ටොම් මූඩි මහතා විසින් හොබවනු ලබන ‍ශ්‍රි ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක තනතුරද දේශීය පුහුණුකරුවකු සඳහා පිරිනැමීමට ක්‍රිකට් ආයතනය සූදානම් වන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක තනතුරු සඳහා පූර්ණ කාලීනයෙකු අවශ්‍ය වීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට ක්‍රිකට් ආයතනය පෙළඹි තිබෙනවා.

මේ අතර එළඹෙන අප්‍රෙල් මාසයේ සිට එම තනතුර සඳහා රුවන් කල්පගේ මහතා පත් වීමට වැඩි අවස්ථාවක්‌ පවතින බව SundayTimes පුවත්පත වාර්තා කර සිටිනවා.

 

 

 

 

02

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7