Cricket NewsDomestic CricketEXCLUSIVE

පුලින තරංගගේ විශිෂ්ට පන්දු යැවීම සමග ගාල්ල දණ ගැස්වූ මහනුවර NPL හි සුපිරි ජයක් වාර්තා කරයි.!

පුලින තරංගගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් ගාල්ල පිලට එරෙහිව පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද (1) පැවැති National Super League තරගාවලියේ 10 වැනි තරගය ලකුණු 96 කින් ජයගැනිමට මහනුවර කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනූ ගාල්ල කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා මහනුවර පිලට ආරාධනා කළ අතර ඒ අනුව පිටියට පිවිසි මහනුවර කණ්ඩායම පන්දුවාර 47.3 ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 269 ක් රැස් කර ගැනීමට සමත් වුනා.

ළහිරු උදාර සහ ඕෂධ ප්‍රනාන්දු අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර නිරෝෂන් දික්වැල්ල සහ ලසිත් කෘස්පුල්ලේ අර්ධ ශතක පෙනි පෙනී දැවී ගියා.

ළහිරු උදාර පන්දු 84 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 63 ක් සහ ඕෂධ ප්‍රනාන්දු පන්දු 69 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 56 ක් ලබා ගැනීමට සමත් වුනා.

වේගවත් පිතිහරඹයක නිරත වූ නිරෝෂන් දික්වැල්ල පන්දු 29 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 46 ක් ද, ලසිත් කෘස්පුල්ලේ පන්දු 47 කදි හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 46 ක් ද ලබාගනිමින් මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය.

අකිල ධනංජය පිතිකරුවන්ගේ ප්‍රහාරයට ලක්වුවද ඕවර 10 ක් යවමින් ලකුණු 61 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් විය. කවිශ්ක අංජුල කඩුලු 2 ක් ද, නිමේෂ් විමුක්ති සහ මුදිත ලක්ෂාන් එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූනා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 270 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායමට පන්දුවාර 42.2 කදී සියලුදෙනා දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 173 ක් පමනයි.

ආරම්භක පිතිකරු පබසර වඩුගේ පන්දු 88 කදි හතරේ පහර 4 ක් සමගින් ලකුණු 50 ක් ලබාගත්තද සෙසු පිතිකරුවන්ට සාර්ථකවීමට පන්දු යවන්නෝ අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

ලකුණු 119 කට කඩුලු 8 ක් දැවී තිබියදී 9 වැනි කඩුල්ල සඳහා පන්දු 53 කදී ලකුණු 34 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට හේෂාන් හෙට්ටිආරච්චි සහ නිමේෂ් විමුක්ති සමත් වුවද ගාල්ල කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට ඔවුන් සමත් වුයේ නැහැ.

සුපිරි පන්දු යැවීමක නිරත වූ පුලින තරංග පන්දුවාර 7.2 කදී ලකුණු 29 කට කඩුලු 6 ක් දවාගනිමින් මහනුවර කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.

ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 2 ක් ද, ලසඳ රුක්මාල් සහ සහන් ආරච්චිගේ එක් කඩුල්ල බැගින්ද දවාගනිමින් මහනුවර කණ්ඩායමේ ජයග්‍රහණයට දායක වුවා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button