Cricket NewsEXCLUSIVELegends Story

කාලයෙන් කාලයට අලුත් වන හිරු නොබසින අධිරාජ්‍යයේ ක්‍රිකට් වංශකතාව තුල තුල කිඳා බැස ගිය මුදුන් මුල – ජෝ රූට්

ඊයේ සංචාරක එංගලන්ත පලමු ඉනිම නිමාව දුටුවේ සත්කාරක නවසීලන්තය ඉදිරියේ විශාල ලකුණු පුවරුවක් සඳහා අවැසි අඩිතාලම දමමින්.එංගලන්ත ආරම්භක පිතිකරුවන් හට එතරම් වේලා කඩුල්ලේ රැඳී සිටින්නට ඉඩ ලබා නොදුන් නවසීලන්ත පන්දු යවන්නන් ඉදිරියේ මැකලම්-ස්ටෝක්ස් යුගයේ වටිනාම සොයාගැනීම වූ හැරී බෲක්ස්ගේ වේගවත් පිතිකරණයත් අනෙක් අන්තයේ හිටපු එංගලන්ත නායක ජෝ රූට් ගේ පිතිකරණයත් නිර්මාණය වූයේ කලේ දැඩි ස්ථාවර බවකින් යුක්තවයි.

අත්දැකීම් තුලින් පරිණත වූ රූට්ගේ ඉනිම සෙමෙන් සෙමෙන් ගොඩනැගෙද්දී බෲක්ස් නවසීලන්ත පන්දු යවන්නන් ඉදිරියේ වේගයෙන් ලකුණු රැස් කලේ මැකලම්-ස්ටෝක්ස් යුගයේ එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නව හැඩය පෙන්නුම් කරමින්.රූට්ගේ ඉනිම තුල වූ සංයමය හා ස්ථාවර බව මොනයම් ආකාරයක් එංගලන්ත ක්‍රිකට් තුලට කාවැදුනිද රූට් නම් පිතිකරුවා මූලික කරගනිමින් එංගලන්තය bazzball ක්‍රීඩාවේ නිරත වෙන බව පුන පුනා පෙන්නුම් කලේය.

රූට්ගේ විශිෂ්ඨත්වය දත්ත සංඛ්‍යාත මත පමණක් සැසඳිය හැක්කක් නොවේ.ඕනෑම තරඟ ආකෘතියක් තුලට ක්ෂණිකව හැඩ ගැසීමේ හැකියාවත් එම හැකියාව පිටියේ නිරන්තර දස්කම් බවට පත්කර ගැනීම තුලත් රූට් එංගලන්තය බිහිකල විශිෂ්ඨතම පිතිකරුවෙකු බවට නිරන්තර පැසසුමට ලක් වනු ඇත.

එංගලන්තය 2015 වසරෙන් පසු එක්දින පිටිය තුල විශාල ප්‍රමගණයක් සිදු කලා.සාම්ප්‍රදායික එක්දින තරඟරටාව වෙනස් වෙමින් තිබියදී එංගලන්ත ඊට හාත්පසින්ම වෙනස් වර්ධනයක් සිදුකලා.මෝගන්ගේ නායකත්වය යටතේ වේගයෙන් පන්දුවට පහර දිය හැකි පිතිකරුවන් එංගලන්ත පිතිකරණ බලඇණිය විශාල වශයෙන් සවිමත් කරවූවා.ජේසන් රෝයි,ජොනී බෙයාස්ටෝ,ඇලෙක්ස් හේල්ස්,බෙන් ස්ටෝක්ස්,මොයින් අලී,ඔයින් මෝගන් එංගලන්ත පිතිකරණ බලඇණිය නියෝජනය කලා.නමුත් සමස්තයක් වශයෙන් ගත් කල එංගලන්ත පිතිකරණ බලඇණියේ විශ්වාසදායී මෙන්ම වඩාත් ස්ථාවරම පිතිකරුවා වූයේ ජෝ රූට්.

එම කාලය තුල එක්දින තරඟ 92 කදී රූට්ගේ දායකත්වය ලකුණු 4307 කි.2015 සිට එංගලන්තය වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු ලාභියා වන්නේද ඔහුයි.58.2 ක් වූ අද්විතීය සාමාන්‍යක් හා 89.82 ක ප්‍රහාරක වේගයක්ද රඳවා ගන්නා රූට් ඒ අතර වාරයේදී ශතක 12 ක් හා අර්ධ ශතක 27 ක් ඔහු තමන්ගේ ලකුණු මල්ලට දමාගන්නට සමත් වී තිබෙන්නේ එංගලන්තය වෙනුවෙන් වැඩිම ශතක හා අර්ධ ශතක ලාභියා වෙමිනි.මොනයම් ආකාරයක් තුල වූවත් එංගලන්තය රූට් නම් පිතිකරුවා වටා ගොඩනැගී තිබෙනවා.අවසන් වරට එංගලන්තය ජගයත් එක්දින ලෝක කුසලානය තුලත් රූට් සාර්ථක දස්කම් දක්වන්නට සමත් විය.

මැකලම් ස්ටෝක්ස් යුගය තුල එංගලන්තය සාම්ප්‍රදායික ටෙස්ට් තරඟ රටාවෙන් ඔබ්බට ගොස් වේගවත් පිතිකරණය මත වැඩි වශයෙන් විශ්වාසය රැඳවීම ජයග්‍රහණයන් කරා පහසුවෙන් යා හැකි බව පෙන්නුම් කරමින් සිටිනවා.මෙම මාදිලියේ ටෙස්ට් තරඟ රටාව තුල ජෝ රූට් යල්පැන ගිය අයෙකු බව බොහෝ දෙනාගේ මතය වූවා.සමස්ත පිතිකරණ බලඇණියම පාහේ ප්‍රවේගකාරී පිතිකරුවන් මත රඳා පවතිනු ඇති බව ඔවුන්ගේ මතය වූවා.

නමුත් එංගලන්තයට පහසුවෙන් ප්‍රවේගකාරී අන්දමින් ලකුණු රැස්කල හැකි පිතිකරුවන් සිටියදී පිතිකරණ ලැයිස්තුවේ ප්‍රධානතම පිතිකරු භූමිකාව බාර වූයේ ජෝ රූට් හටයි.ඊයේ දිනයේදීත් මීට පෙර අවස්ථාවන් ගනණකදීත් එංගලන්ත පිතිකරණයට අවශ්‍ය ස්ථාවරත්වය සැපයූවේ රූට් විසිනි.

නූතන ටෙස්ට් පිටිය උඩුයටිකුරු කල bazzball යුගය තුල එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වන්නේ ජෝ රූට් . ඉනිම 20 ක් තුල ලකුණු 912 ක් 57 ක සාමාන්‍යයක්.ශතක 4ක් හා අර්ධ ශතක 3 ක් ඊට ඇතුලත්.

සමස්ථයක් වශයෙන් ගත්කල එංගලන්තය තරඟ රටා තුන පුරාවටම බිහි කල සර්වසම්පූර්ණ පිතිකරුවන් ලැයිස්තුව තුල ජෝ රූට් කොපමණ දුරක් ගමන් කරාවිද ?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7