Cricket NewsEXCLUSIVEInternational

ඉන්දියාවට දැවැන්ත පරාජයක් උරුම කරමින් දකුණු අප්‍රිකා ක්‍රිකට් ඉතිහාසය වෙනස් කල David Millerගේ සහ Rassie van Dussenගේ ගිණිකෙලි සැණකෙළිය.!

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවති පළමු විස්සයි-20 තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 211 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

ඒ අනුව ලකුනු 212ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා පිතිකරුවන් පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 212ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

එහිදී පන්දුවාර 8ක් අවසානයේ ලකුණු 81ක් ලබා සිටියදී දකුණු අප්‍රිකානු මුල් පෙළ කඩුලු 3ක් අහිමි වී තරමක පීඩනයක් පැවති අවස්ථාවක පිටියේ එක් වූ Rassie van der Dussen සහ David Miller සාර්ථකව දකුණු අප්‍රිකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යාමට සමත් වුනා.

පන්දු 68ක් තුල ජයග්‍රහණය සඳහා ලකුණු 124ක් අවශ්‍ය වූ අතර පන්දු 63ක් තුල එම ඉලක්කය සපුරා ගත් ඔවුන් දෙදෙනා දකුණු අප්‍රිකානු කණ්ඩායම හඹා ගොස් ජයගත් ඉහලම ඉලක්කය ලෙස මෙම තරඟය ඉතිහාසයට එකතු කිරීමට සමත් වුනා.

Rassie van der Dussen පන්දු 46ක් තුල වෙගවත් ලකුණු 75ක් රැස් කල අතර ඊට නොදෙවැනි වේගවත් ඉනිමක් දියත් කල David Miller පන්දු 31 කදී ලකුණු 64ක් රැස් කළා.

Rassie van der Dussen ගේ සහ David Millerගේ ගිනිකෙළි සැණකෙළිය සහ තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7