Cricket NewsEXCLUSIVE

ඉන්දියාවට එරෙහිව අවසන් පන්දුවාරයන්හි කණ්ඩායමක් විසින් වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ශ්‍රී ලංකාව ඉදිරියේ ලියවෙයි.!

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ දෙවන තරගය ඊයේ ඉන්දියාවේ Dharamshala ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනු අතර එම තරඟයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගනිමින් තරඟාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දියා නායක Rohit Sharma ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 183 ක දැවැන්ත ලකුණු පූවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

එ අනුව ලකුණු 184 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17කුත් එක් පන්දුවක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.

කෙසේ නමුත් ඊයේ තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන පන්දුවාර 4 තුල පමණක් ලකුණු 72ක් ප්‍රතිවාදී ඉන්දීය පන්දුයවන්නන්ගෙන් උදුරා ගැනීමට සමත්වුනේ කණ්ඩායමක් විසින් ඉන්දියාවට එරෙහිව විස්සයි විස්ස පිටියේ අවසන් පන්දුවාර 4ට රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද තමන් සතු කරගනිමිනි.

පැතුම් නිස්සංක සහ දසුන් ශානක මෙම සුපිරි ප්‍රහාරාත්මක පිතිකරණය දියත් කල අතර එම අවසන් පන්දුවාර 4ට පමනක් ඔවුන් දෙදෙනා දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහරවල් 6ක් එල්ල කර තිබෙනවා.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ දකුණු අප්‍රිකාව වන අතර ඔවුන් ඉන්දියවෙට එරෙහිව අවසන් පන්දුවාර 4තුල ලකුණු 71ක් රැස් කර ගැනීමට සමත්ව තිබුනා.

අවසාන පන්දුවාර හතර සටන් වුයේ පහත පරිදිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7