Cricket GossipCricket NewsEXCLUSIVE

“ශ්‍රී ලංකාව හරිම ලස්සන රටක්, ආගන්තුක සත්කාර ඉතා ඉහළයි, මගේ සීයගෙ ගෙවල් නුවර තියෙන්නෙ මම එහෙටත් ගියා.. රසම රස ආප්ප කන්නත් පුලුවන් වුනා..දැන් බලාගෙන ඉන්නෙ ගාල්ලට යන්න” – Ashton Agar

ඊයේ (16) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරඟයෙන් ලකුණු 26ක ජයග්‍රහණයක් හිමි කර ගනිමින් තරඟාවලිය 1-1 ලෙස සම තත්වයට ගෙන ඒමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

මේ අතර පසුගිය පළමු තරඟයේ සිදු වූ ආබාධයක් හෙතුවෙන් දෙවන තරඟය අහිමි වූ ශ්‍රී ලංකා සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රිඩක Ashton Agarගෙන් අද මාධ්‍යවේදියකු ශ්‍රී ලංකා සංචාරය කෙසේදැයි විමසනු ලැබුවා.

එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් Ashton Agar සිය පළමු ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව මෙසේ අදහස් දක්වා සිටියා.

“ඇත්තටම මේක මගේ පළවෙනි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය, ශ්‍රී ලංකාව හරිම ලස්සන රටක් ආගන්තුක සත්කාර ඉතාම ඉහල මට්ටමක තියෙනවා. මගේ සීයගෙ ගෙවල් නුවර තියෙන්නෙ, මම එහෙටත් ගියා. මගේ අම්ම හැදුනෙ කොළඹ..”

“මම බලාගෙන ඉන්නෙ ගාල්ලට යන්න.. ආරුගම්බේ ගිහින් සර්ෆ් කරන්න. මිචෙල් මාශුත් බලාගෙන ඉන්නෙ ඒකට, ගහපු මැච් ටික ගැන හරිම සතුටුයි.

ශ්‍රී ලංකාවෙ ක්‍රවුඩ් එකත් හරිම විනෝදයෙන් ඉන්නවා සිංදු කියනවා. ඇත්තම ඔවුන් බුද්ධිමත් ක්‍රවුඩ් එකක්. ඒ වගෙම මම ආප්ප වලට හරිම කැමතියි මගෙ ආච්චි අම්මට ගොඩක් රසට ආප්ප හදන්න පුලුවන්”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button