EXCLUSIVETrending Article

“ශ්‍රී ලංකාව සංචාරය කිරීමට ආරක්ෂිත රටකි. මේ ඒ සඳහා හොදම කාලයයි” – ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලෝකයටම දුන් සුභ පණිවිඩය.!

ඕස්ට්‍රේලියාව T20, එක් දින සහ ටෙස්ට් තරඟාවලියකට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණ ඇත. 2022 මැයි මාසයේ ලංකාවේ ඇතිවූ නොසන්සුන්කාරී අවාසනාවන්ත තත්වය නිසා මේ ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරය නොකෙරෙන තැනට වැඩ සිද්දවිය.

යුරෝපයේ බොහෝ රටවල් මෙන්ම ඕස්ට්‍රේලියාවේ සංචාරකයන්ට මග පෙන්වන සියලු වෙබ් අඩවි ලංකාව සංචාරය කිරීමට නුසුදුසු රටක් ලෙස නම් කෙරිනි.

ICC යත් ඕස්ට්‍රේලියානු පිල ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන්නේ නම් හොදයි වගේ දෙයක් කීවේය. ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය ශ්‍රී ලංකාව සමාන කලේ සිරියාවටය.

තත්වය මෙසේ තිබියදී ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනයත් ඕස්ට්‍රේලියානු රජයත් තම ජාතික ක්‍රිකට් පිල පමණක් නොව A කංඩායමත් යන දෙකම එක විට, ලෝකයේ රටවල් රකුසෙකු ලෙස සලකා පැත්තෙ නොයන්නයි කියූ ලංකාවේ සංචාරයකට එව්වේය.

වැදගත්ම දේ ඕස්ට්‍රේලියානු ජාතික පිල නියෝජනය කරන්න ආවේ ඕස්ට්‍රේලියාවේ ඉන්නා සුපිරිම ක්‍රීඩකයන් මිස දෙවන පෙලක් හෝ ජාතික පිලේ ස්තානය අහිමිවී අවදානමක් ගෙන කංඩායමේ ස්තානයක් හොයන ඇහින්දාස්ලා නොවන්නේය. එමෙන්ම ඕස්ට්‍රේලියානු නායකයා ප්‍රකාශ කලේ කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙක් මෙම සංචාරයට විරුද්දත්වය ප්‍රකාශ නොකළ බවත් ඉතා උද්යෝගයෙන් සිටි බවත්ය.

එසේම ලංකාවේදී මේ තරඟ සියල්ල පවත්වන්නේ සම්පූර්ණ ප්‍රේක්ෂක දාරිතාවය සමඟින් ය. එසේ සම්පූර්ණ ප්‍රෙක්ෂක දාරිතාවය සමග රාත්‍රී තරඟ පැවැත්වීමට නිර්භීත තීන්දුවක් ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් තම ජාතික පිල අවදානම් යැයි හංවඩු ගසා ඇති රටක තරඟ සදහා සහභාගී කරවීමට තීන්දු කල ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනයටත්, තරඟාවලියට පැමිණි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ටත් හදපිරි ආචාරය හිමිවිය යුතුමය.

රටේ මිනිස්සුන්ට විදුලිය නොමැතිව විදුලි කප්පාදුවක් පවතින සමයක විදුලි ආලෝකය මධ්‍යයේ රාත්‍රී ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීම ගැන යමෙකු මා සමඟ තර්ක කරන්නට ආවොත් ඒ ගැන මට ඉදිරිපත් කිරීමට ප්‍රති තර්ක කිසිවක් නැත.

ඒත් එම අවසන් විස්සයි-20 තරඟය පැවැත්වූයේ පල්ලෙකැලේ වැනි මහනුවර නගරයෙන් ඈත හෙන ඩොටේ ස්තානයකය. සාමාන්‍ය කාලයකදීවත් ඒ ක්‍රීඩාංගනය වෙත ලගාවීමට මහජනතාව සදහා පොදු ප්‍රවාහන පහසුකම් අල්පය.

එසේ නම් ලංකාවේ ආර්තික අපහසුකම්, ප්‍රවාහන අපහසුකම් සහ අනේකවිද අපහසුකම් ඇති මෙවන් වකවානුවක රාත්‍රී ක්‍රිකට් තරඟයක් නැරඹීමෙන් ලාංකිකයන් ලෝකයට දෙන සුබ පණිවිඩය පමණක් ගනිමු.

ඔවුන් කියන්නේ කුමක්ද Daraz කුසලානය ඕස්ට්‍රේලියාව දිනාගත් බව හෝ එම තරඟය ලංකාව ජයගත් බවද? නැත.
ශ්‍රී ලාංකිකයන් ලෝකයට දුන් පණිවිඩය ශ්‍රී ලංකාව සංචාරයන් සඳහා ආරක්ෂිත රටකි. මහත්වරුනි ඩොලර් අරන් සංචාරයන් සඳහා ලංකාවට එන්න. ලංකාවට ඩොලර් ලැබෙන ප්‍රදාන මාර්ගයක් වූ සංචාරක ව්‍යාපාරය නැවත නගා සිටුවා අප රටේ පෝලිම් නැති කරන්න. අර කුඩා ළමුන් ප්‍රීතිවූ ආකාරයට අප රට වැසියන් සියල්ලන්ට ප්‍රීතියෙන් ජීවත්වීමට අවශ්‍ය බව නොවන්නේද?

ඊයේ තරගය නැරඹීමට ආ ප්‍රේක්ෂකයන් රාත්‍රී කාලයේ කිසිම අවුලක් නැතිව නිවෙස් වලට ගියා නම් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන්ට දහවල් කාලයේ හෝ සංචාරය කල නොහැකිද යන පණිවිඩය ලෝකයට ලබා නොදුන්නේද?

මේ ක්‍රිකට් තරඟාවලිය උපයෝගී කරගෙන ලංකාවේ සංචාරක අමාත්‍යාංශයත් විදේශ අමාත්‍යාංශයත් රජයත් ලංකාවට විදේශ මුදල් ලැබෙන ප්‍රදාන මාර්ග හතරෙන් එකක්වූ සංචාරක ව්‍යාපාරය ගොඩ ගෙන රට මුහුණ දී ඇති ආර්තික අර්බුදයෙන් ගොඩ ඒමට යමක් කරනු ඇතැයි අප බලා සිටින්නෙමු.

තරඟයේ ප්‍රතිපලය: ශ්‍රී ලංකාව සංචාරය කිරීමට ආරක්ෂිත රටකි. මේ ඒ සඳහා හොදම කාලයයි

-හිරන්ත හේරත් තැබූ සටහනක් ඇසුරිණි. ඔහුගේ Facebook පිටුවට පිවිසීමට Click කරන්න. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button