Cricket NewsEXCLUSIVEInternational

රවිචන්ද්‍රන් අශ්වින් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ටෙස්ට් කඩුලු 500ක් දවා ගැනීමට අද සමත් වුනා.

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ටෙස්ට් කඩුලු 500ක් දවාගන්න ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් සමත් වුනා. ඒ අනුව මෙම සීමාව පසුකළ ලොව 9 වැනි පන්දුයවන්නා මෙන්ම 5 වෙනි දගපන්දුයවන්නා ලෙස අශ්වින් වාර්තා පොත් අතරට එක් වුනා.

මේ සදහා ඔහුට තරග 98ක් වැය වූ අතර ටෙස්ට් කඩුලු 500ක් දවාගත් ලොව දෙවෙනි වේගවත්ම පන්දු යවන්නා වීමටත් අශ්වින්ට හැකි වුනා. ටෙස්ට් තරග 87කින් එම කඩයිමට ලගා වූ මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු 500 කඩයිමට වේගයෙන්ම ලඟා පන්දු යවන්නා ලෙස ඉතිහාසයට එක් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7