Cricket NewsEXCLUSIVEWoman Cricket

ශ්‍රී ලංකා සිංහ ධේනුව චමරි අතපත්තු සටන්කාමී පිතිකරණයක් සමග සිය 6 වැනි ශතකය වාර්තා කරයි.!

කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා පිල තරග වැදි පළමු තරගය වූ නෙදර්ලන්තයට එරෙහි තරගයේදී නායිකා චමරි අතපත්තු ශතකයක් වාර්තා කිරීමට සමත්වූවාය. සිම්බාබ්වේහි හරාරේ පිටියේ පැවැත්වෙන මෙම තරගයේදී චමරිගේ ඉනිම ප්‍රධාන කොට නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 කට ලකුණු 278 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලැබිණ.

මුහුණ දුන් 64 වැනි පන්දුවේදී ශතකය සම්පූර්ණ කරගත් වමත් පිතිකාරිණිය කැරොලින් ලැන්ග් ගේ පන්දුවක් හමුවේ දැවී යන විට පන්දු 70 කට මුහුණ දී ලකුණු 111 ක් ලබා සිටියේය. හයේ පහර 5 කින් සහ හතරේ පහර 11 කින් සමන්විත වුණු චමරිගේ ශතකය ජාත්‍යන්තරයේ රැස් කරන ලද 6 වැනි ශතකය බවටද පත්විය.

හසිනි පෙරේරා සමඟ ඉනිම ඇරැඹි චමරි පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක් එක් කළේ පන්දු 82 ක් පමණක් වැය කරමිනි. එම සම්බන්ධතාව වෙනුවෙන් හසිනිගේ දායකත්වය ලකුණු 26 ක් වද්දී චමරිගේ දායකත්වය ලකුණු 64 කිනි. මැද පෙළින් පන්දුවට පහර දුන් අනුෂ්කා සංජීවනී පන්දු 44 කදී ලකුණු 31 ක් ලබා ගනිමින් චමරිට පසු ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූවාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7