Cricket NewsEXCLUSIVEInternational

චමරි වෙනුවෙන්ම සිඩ්නි ක්‍රිඩාංගනයේ (SCG) ආසන කලාපයක් වෙන් කරයි

ඔස්ට්‍රේලියානු Women’s Big Bash (WBBL) ලීගයේ චමරි අතපත්තු ක්‍රීඩා කරන ‘සිඩ්නි Thunders’ කාන්තා කණ්ඩායම විසින් චමරි වෙනුවෙන්ම සිඩ්නි ක්‍රිඩාංගනයේ විශේෂයෙන් වෙන් කරන ලද ආසන කලාපයක් (Seating Zone) නම් කර තිබෙනවා. මෙය ‘Chamari Bay’ ලෙසින් නම් කරන බව නිවේදනය කර ඇත.

චමරිගේ නමින් මෙම විශේෂ ආසන කලාපය හදුන්වා දෙන්නේ නොවැම්බර් 26 වන දින ‘සිඩ්නි Thunders’ සහ ‘සිඩ්නි Sixers’ කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන ‘සිඩ්නි ගැටුම’ (Sydney Derby) සදහාය.

සිඩ්නි Thunders කාන්තා පිලේ ක්‍රීඩිකාවන් චමරි අතපත්තුව ආමන්ත්‍රණය කරන්නේ ‘Atta’ යන සුරතල් නාමයෙනි.

ශ්‍රී ලාංකීය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ඨතම ක්‍රීඩිකාව මෙන්ම ලෝක කාන්තා ක්‍රිකට් පුරාවෘත්තයක්ද වන චමරි මේ දක්වා Women’s Big Bash ලීගය තුළ තරග 9 කදී ලකුණු 374 ක් රැස් කර⁣ගෙන තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
94
+1
31
+1
14
+1
18
+1
6
+1
6
+1
4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7