Cricket NewsEXCLUSIVEMatch Review

ඉශන් කිශන්ගේ ප්‍රහාරාත්මක ඉණිමත්, ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දියාරු පිතිකරණයත් හේතුවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 62ක දැවැන්ත පරාජයක්.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් අද ආරම්භ වූ පන්දුවාර විස්සයි-20 තරඟාවලියේ ප්‍රථම තරගය ලකුණු 62කින් ‍ජයග්‍රහණය කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

අද තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 2ක් පමණක් දැවී ලකුණු 199ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

එහිදී ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වූ Ishan kishan පන්දු 56ක් තුළ ලකුණු 89ක් රැස් කිරීමට සමත් වුණා.

ඊට අනගි සහායක් ලබාදුන් නායක Rohit sharma ලකුණු 44ක් රැස් කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදි ලහිරු කුමාර සහ දසුන් ශානක එක් කඩුල්ල බැගිව් බිඳ හෙළුවා.

ඒ අනුව ලකුණු දෙසීයක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 137ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංක පන්දු 47ක් තුළ ලකුණු 53ක් රැස්කර ගැනීමට සමත් වුණා.

එය ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වූයේ චරිත්ගේ තෙවන විස්සයි-20 අර්ධ ශතකය ලෙසටයි.

ප්‍රහාරාත්මක ඉණිමක් දියත් කල චාමික කරුණාරත්න ලකුණු 21ක් රැස් කළ අතර ඊට නොදෙවෙනි ප්‍රහාරාත්මක ඉනික් ක්‍රීඩා කල දුෂ්මන්ත චමීර ලකුණු 24ක් රැස්කිරීමට සමත්වුණා.

අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 15 සීමාවට පිවිසීමට නොහැකි වීම දැඩි ලෙස කැපී පෙනුණු කාරණයක් වූ අතර ශ්‍රී ලංකා මුල්පෙළ දැඩි දියාරු බවක් පෙන්නුම් කිරීම මෙම පරාජය මූලික ලක්ෂණය බවට පත්වුණා.

පන්දු යැවීමේදී Venkatesh Iyer සහ Bhuvaneshwar kumar කඩුලු 2ක බැගින් බිඳ හෙළිමට සමත් වුනා.

තරගයේ වීරයා සම්මානය Ishan Kishan හට හිමිවූ අතර අද ජයග්‍රහණයත් සමඟින් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button