Cricket NewsEXCLUSIVEVideo

රෝහිත් ශර්මට සිතීමටවත් කාලයක් ඉතිරි නොකරමින් ලහිරු කුමාර යොමු කළ සුපිරි පන්දුව.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් අද ආරම්භ වූ පන්දුවාර විස්සයි-20 තරඟාවලියේ ප්‍රථම තරගය ලකුණු 62කින් ‍ජයග්‍රහණය කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 2ක් පමණක් දැවී ලකුණු 199ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු දෙසීයක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 137ක් පමණයි.

මෙ අතර ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ඉශාන් කිශන් සහ රෝහිත් ශර්මා ලකුණු 111ක දැවැන්ත ආරම්භක සබඳතාවයක් පැවැත්වීමට සමත් වුයෙ ඉන්දීය ජයග්‍රහණය අවශ්‍ය අඩිතාලම සකස් කරමිනි.

එහිදී ලකුණු 44ක් ලබා සිටි රෝහිත් ශර්මාගේ කඩුල්ල ලබා ගැනීම සඳහා ලහිරු කුමාර සමත් වුයේ එම ආරම්භක සබඳතාව බිඳහෙලමිනි.

පිතිකරුවා සම්පුර්ණයෙන්ම අසාර්ථක වූ ලහිරු කුමාරගේ එම සුපිරි පන්දු යැවීම පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7