Cricket NewsEXCLUSIVEIPL

මීළග තරඟයේ සිට Jonny Bairstow ඉවත් කර භානුක රාජපක්ෂව නැවතත් Punjab Kings කණ්ඩායමට කැඳවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර කලකට පසුව ශ්‍රී ලංකා පිතිකරුවකු ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන බැවින් මෙරට ප්‍රේක්ෂකයන්ට Punjab Kings කණ්ඩායම විශේෂත්වයක් ගනු ලබනවා.

Punjab Kings කණ්ඩායම මේ වන විට තරඟ 7කට සහබාගි වී ඉන් තරඟ 3ක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 8වන ස්ථානයේ පසුවනවා. Punjab Kings සහබාගි වූ මුල් තරඟ දෙකෙහිදීම Punjab Kings වෙනුවෙන් සටන්කාමී ඉනිම් දියත් කිරීමට ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ සමත් වුනා. තෙවැනි තරඟයේදී ඔහු දුවද්දී දැවී යාමකට හසු වුනා.

අනතුරුව පැවති සිව් වන ,පස් වන, හය වන සහ හත් වන තරඟ වලට භානුකගේ ස්ථානයට Jonny Bairstow ක්‍රීඩා කිරීමට පැමිණියා, නමුත් ඔහුට භානුක තරම් සාර්ථක වීමට අවස්ථාවක් ලැබුනේ නැහැ.

Jonny Bairstow පිලිවෙලින් රැස් කරනු ලැබුවේ පිළිවෙලින් ලකුණු 8 / ලකුණු 12/ ලකුණු 12/ ලකුණු 9, ලෙසයි.

මේ අතර මෙවර තරඟාවලියේ 38වන තරඟය ලෙස එළඹෙන 25 වෙනිදා Chennai Super Kings කන්ඩායම සමග පැවැත්වීමට නියමිත තරගයට Punjab Kings කන්ඩායමේ වෙනස්කම් තුනක් සිදුවීමට නියමිත බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග හරහා වාර්තා වන බව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කර තිබෙනවා. එහි වැඩි දුරටත් සඳහන් වන්නේ මෙතෙක් අසාර්ථක වූ Jonny Bairstow වෙනුවට නැවතත් භානුක රාජපක්ෂ කන්ඩායමට කැදවීමට නියමිත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button