Cricket NewsEXCLUSIVEIPL

මහිෂ් තීක්ෂණගේ Chennai Super Kingsට එරෙහිව වනිදු හසරංගගේ RCB තරඟ වදින IPL පිටියේ ශුරයන්ගේ සංග්‍රාමය අද රාත්‍රියේ..

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 22වන තරගය ලෙස ලෙස මහිෂ් තීක්ෂණ ක්‍රීඩා කරන Chennai Super Kings සමග වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Chennai Super Kings හි නායකත්වය Ravindra Jadeja විසින් දරන අතර Royal Challengers Bangalore හි නායකත්වය Faf du Plessis විසින් දරනවා.

පසුගිය වසරේ ශුරයන් වූ Chennai Super Kings කණ්ඩායම මෙවර ඔවුන් සහබාගි වූ තරඟ 4ම පරාජය වී මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන අතර Royal Challengers Bangalore කණ්ඩායම තරඟ 4කට සහබාගි වී ඉන් තරඟය 3ක් ජය ගනිමින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 3වන ස්ථානයේ පසු වනවා.

ඒ අනුව Chennai Super Kings සහ Royal Challengers Bangalore අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩිම ඉඩකඩක් ඇති සංචිත පහතින්

Chennai Super Kings –

Robin Uthappa, Ruturaj Gaikwad, Moeen Ali, Ambati Rayudu, Ravindra Jadeja (c), Shivam Dube, MS Dhoni (wk), Dwayne Bravo, Chris Jordan, Maheesh Theekshana, Rajvardhan Hangargekar

Royal Challengers Bangalore –

Faf du Plessis (c), Anuj Rawat, Virat Kohli, Glenn Maxwell, Shahbaz Ahmed, Dinesh Karthik (wk), David Willey/Josh Hazlewood, Wanindu Hasaranga, Harshal Patel/Siddharth Kaul, Akash Deep, Mohammed Siraj

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button