Cricket NewsEXCLUSIVE

ICCය මගින් මෙහෙයවන ලෝක ටෙස්ට් ශුරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව අංක #01ට – ප්‍රතිශතය 100%යි.!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙහෙයවනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරට අදාළ තරඟ මේ වන විට ආරම්භ වී තිබෙනවා

වසර දෙකක් පුරාවට පැවැත්වෙන මෙම ලෝක ටෙස්ට් ශුරතාවලියේ මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කන්ඩායම සමත්ව සිටිනවා.

ඒ ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියට අදාළව පැවැත්වෙන සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය ලකුණු 187කින් ජයග්‍රහණය කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ සමත් වීමත් සමගයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙහෙයවනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගය එය වන අතර එම තරගයෙන් ලැබූ ජය හේතුවෙන් ශ්‍රී ලංකාවට මේ වන විට ප්‍රසාද ලකුණු 12ක් හිමිව තිබෙන අතර ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරේ දී ද ප්‍රසාද ලකුණු සටහන සකස් කරනු ලබන්නේ ඒ ඒ කණ්ඩායම් ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව මත නොව ඊට අදාළ ප්‍රතිශතය(ජයග්‍රහණය කල ලකුණු සංඛ්‍යාව හෝ කඩුලු සංඛ්‍යාව මත පදනම්ව) අනුවයි.

ඒ අනුව ගත් කල ශ්‍රී ලංකාවේ ජයග්‍රහන ප්‍රතිශතය මේ වන විට 100%ක් වන බැවින් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගෙන තිබෙනවා.

ලෝක ටෙස්ට් ශුරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7