Cricket GossipEXCLUSIVESocial Reaction

“සමහර විට ඉන්දියාව දැන් ආයෙත් ඉන්දියාව ඇතුලෙ DRS තාක්ෂණය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්” – ජිමී නීශම් සමාජ මාධ්‍ය තුල ඉන්දියාව උපහාසයට ලක් කරයි.!

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය තෙවන දිනය නිමාවන විට කිසිවෙකු නොදැවී ලකුණු 129 ක් රැස් කරගෙන සිටියේය .

මෙම තරඟයේදී පිටියේ ප්‍රධාන විනිසුරු වරයා විසින් තෙවරක් දැවීගිය ක්‍රීඩකයෙකු ලෙස සටහන් කල ටොම් ලෙතම් එම අවස්ථා තුනේදීම නොදැවුණු ක්‍රීඩකයෙකු බවට DRS ක්‍රමය යොදාගනිමින් නැවත සලකා බැලීමේදී සටහන් වීමත් සමඟ කාන්පූර්හි පැවැත්වෙන මෙම තරඟය පිලිබඳව ට්විටර් සටහනක් එක් කරන්නට ජිමී නීශම් කටයුතු කර තිබුනා.

ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ” ටොම් ලෙතම් මෙහි ශතකයක් ලබාගත හොත් ඉන්දියාව යලිත් DRS ක්‍රමය ඉන්දියාව තුලදී භාවිතයට ගැනීම ප්‍රතික්ෂේප කල හැක ” යනුවෙනි.

ටොම් ලෙතම් තෙවරක් දැවී ගිය ක්‍රීඩකයෙකු බවට සටහන් කිරීම හා එම අවස්ථා තුන තුලදීම DRS ක්‍රමය ඔහුව නොදැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස සටහන් කිරීම ජාත්‍යන්තර මාධ්‍ය තුල විශාල කතා බහකට ලක්වූ කරුණක් වූ අතර මීට පෙර අවස්ථාවකදී ද DRS ක්‍රමය ප්‍රතික්ෂේප කිරීමට ඉන්දියාව කටයුතු කර තිබුණි.

ජිමී නීශම් තැබූ ට්විටර් සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button