Cricket NewsEXCLUSIVEFuture StarsInternational

යොවුන් ක්‍රීඩක අශේන් ඩැනියෙල් හට ඉන්දු ශ්‍රී ලංකා තරඟාවලිය සඳහා දොරටු විවර වෙන ලකුණු !

2nd Youth Test: SL in box seat - The Morning - Sri Lanka News

ලබන බ්‍රහස්පතින්දා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරඟ සංචාරයේ තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය සඳහා යොවුන් ක්‍රීඩක අශේන් ඩැනියෙල් හට කැඳවීම් ලැබී ඇති බව සඳහන් . මේ බව විශ්වාසනීය අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග රැසක් අවසන් දින කිහිපයේදී සඳහන් කර තිබුණි.

අශේන් ඩැනියෙල් යනු ශ්‍රී ලංකා දේශීය පිටියේ සිටින දක්ෂ පිට දඟපන්දු යවන්නෙකු වන අතර මිට පෙර ඔහු ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමද නියෝජනය කළේය.LPL තරඟාවලියේදී GALLE GLADIATORS නියෝජනය කල අශේන් NSL තරඟ මාලාවේදී නුවර කණ්ඩායම නියෝජනය කර ඇත.

අශේන් පළමු පෙල තරඟ 2 කදී කඩුලු 9 ක් ලිස්ට් A තරඟ 17 දී කඩුලු 31 ක් හා විස්සයි විස්ස තරඟ 10 කදී කඩුලු 14ක් මේ වන විට බිඳහෙලා ඇති අතර තවමත් වයස අවුරුදු 21 ක් වන අශේන් ඩැනියෙල් පළමු පෙල වරම් ලබා ගත්තේ 2021 වසරේ වීම විශේෂත්වයකි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button