Cricket NewsEXCLUSIVEMatch Review

නැමීබියා කණ්ඩායම ඉදිරියේ ලැබූ ලකුණු 55ක අනපේක්ෂිත පරාජයකින් ශ්‍රී ලංකාව මෙවර විස්සයි-20 ලෝක කුසලාන ගමන අරඹයි.!

වසරේ දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අද ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සහ නැමිබියාව අතර තරගයෙනි.

කෙසේ නමුත් ආරම්භක තරගයෙන් අමිහිරි පරාජයකින් තරඟාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුයේ නැමීබියා කණ්ඩායමේ ඉදිරියේ ලැබූ ලකුණු 55ක අනපේක්ෂිත පරාජය හේතුවෙනි.

අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා නැමීබියා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් නැමීබියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 163ක් රැස් කිරීමට සමත් වුණා.

නැමීබියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ an Frylinck පන්දු 28කදී ලකුණු 44ක් වාර්තා කිරීමට සමත් වුනා. ඊට නැගී සහයක් දුන් J SmitH පන්දු 16කදී ලකුණු 31 ක් රැස් කලා.

පන්දු යැවීමේදී ප්‍රමෝද් මදුශාන් කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 164ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුවාර 19 අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 108ක් පමණයි

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක දසුන් ශානක ලකුණු 29ක් රැස් කල අතර භානුක රාජපක්ෂ ලකුණු 20ක් රැස් කළා.

පන්දු යැවීමේදී Ben Shikongo, Bernard Scholtz සහ David Wiese කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

කෙසේ නමුත් මෙම පරාජය ශ්‍රී ලංකාවට වෙස්වලාගත් ආශිර්වාදයක් වීමට බොහෝ සෙයින් ඉඩ කඩ ඇති බව ලොව පුරා ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button