Cricket NewsEXCLUSIVE

“ඔවුන් ආසියානු කුසලානයේදි පෙන්නුවා ඔවුන් අයිති කොහෙටද කියලා, අනිවාර්යයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මේ සුදුසුකම් ලැබීමේ වටයට ඇතුළත් නොවිය යුතුයි” – නැමීබියානු ප්‍රධාන පුහුණුකරු

මෙම වසරේ පැවැත්වෙන දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය අදින් ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සහ නැමීබියා සමග මේ මොහොතේ පැවැත්වෙන තරඟයෙනි.

අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා නැමීබියා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව මේ වන විට නැමීබියා පිතිකරුවන් පිටියට පිවිස ලකුණු රැස් කරමින් සිටිනවා.

මේ අතර අද තරඟයට පෙර පැවති මාධ්‍ය හමුවේදි නැමීබියානු ප්‍රධාන පුහුණුකරු Pierre De Bruyn සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටයට ඇතුලත් නොවිය යුතු බවත් ඒ බව ශ්‍රී ලංකාව ⁣ලොවටම පසක් කර ඇති බවත්ය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නැමීබියා ප්‍රධාන පුහුණුකරු, ” ඔවුන් ආසියානු කුසලානයේදි පෙන්නුවා ඔවුන් අයිති කොහෙටද කියලා, අනිවාර්යයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මේ සුදුසුකම් ලැබීමේ වටයට ඇතුළත් නොවිය යුතුයි”

එම මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7