Cricket NewsEXCLUSIVE

2021 වසර සිය ක්‍රිකට් දිවියේ ස්වර්ණමය වසර බවට පත් කර ගත් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න..

කලක පටන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ පිතිකරණ ලැසිස්තුවේ එක් ස්ථානයක් දිමුත් කරුණාරත්න වෙත වෙන් කර තිබුණු අතර ඒ වරින් වර කණ්ඩායමට ආදේශ කරනු ලැබූ ආරම්භක පිතිකරුවන් අතුරින් වඩාත් ස්ථාවර වන්නට සමත් වූ ආරම්භක පිතිකරුවා වීමත් සමඟය.

දිමුත් මේ වසරේදී සනත් ජයසූරිය අභිබවා යමින් වැඩිම වරක් ලකුණු 50 සීමාව ඉක්මවා යන්නට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් ආරම්භක පිතිකරුවා බවට පත්විය.

සිය ටෙස්ට් දිවියේ ස්වර්ණමය වසර මෙන්ම සිය පෞද්ගලික පිතිකරණ දත්ත හිනිපෙත්තටම රැගෙන ඒමට දිමුත් මේ වසරේදී සමත් විය.

2021 වසර තුලදී පමණක් දිමුත් ලකුණු 902 ක් රැස් කරන්නට සමත් වූයේ එංගලන්ත නායක රූට් ට හා රෝහිත් ශර්මාට පමණක් පසුපසින් රැඳී සිටිමිනි.

මෙම වසරේ වැඩිම ලකුණු ලාභීන් අතර ඉහළම ලකුණු සාමාන්‍ය දිමුත්ගේ නම ඉදිරියේ සටහන් වන අතර එය ලකුණු 69.38 කි.මේ වසරේදී පිතිකරුවෙකු වාර්ථා කරන ලද ඉහලම ඉනිම දිමුත්ගේ නම ඉදිරියේ ලියැවී තිබෙන අතර ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව රැස් කල ලකුණු 244 වෙයි.

මේ වසරේදී ශතක 4 ක් හා අර්ධ ශතක 7 ක් දිමුත්ගේ පිත්තෙන් වාර්ථා වන අතර ඒ වැඩිම ශතක ලාභී ජෝ රූට් හට පමණක් දෙවැනි වෙමිනි.මේ වසරේදී වැඩිම වරක් ශතක සබඳතා සඳහා දායක වූ ආරම්භක පිතිකරු බවට දිමුත් කරුණාරත්න මේ වසරේදී පත් විය.

ඒ ශතක සබඳතා හතරකට දායකත්වය ලබාදෙමිනි.දිමුත් විසින් දායක වූ ඉහළම ශතක සබඳතාවය ලෙසින් ලහිරු තිරිමාන්න සමගින් එක්ව ගොඩ නැගූ ලකුණු 209 ක සබඳතාවයද සඳහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button