Cricket NewsEXCLUSIVE

තවදුරටත් එක්දින තරඟාවලියේ රැඳී සිටීම සඳහා අනිවාර්ය වූ ජයග්‍රහණය හඹා යාමේ අරමුණින් ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව අද සටනට.!

පළමු තරගයෙන් ලද පරාජයත් සමඟ තරාවලිය 1-0 ක් ලෙස පසුපසින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද (12) දිනයේදී යළීත් ඉන්දීය කණ්ඩායම කල්කටාවේ පිහිටි සුප්‍රසිද්ධ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී සහභාගි වේ. මෙම තරගයද ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.30 ට ආරම්භ වනු ඇත.

ලකුණු 374 ක දැවැන්ත ඉලක්කයක් ලබා දුන්නද ඉන්දියාව නොසිතූ හඹා යෑමක නිරත වුණු ශ්‍රී ලංකා කණ්ඩායම ඊට පිළිතුරු ලෙස ලකුණු 306 ක් ලබා ගනු ලැබුවේ ජයග්‍රාහී පරතරය ලකුනු 67 ක තරම් අඩු අගයකට රැගෙන එමිනි. මෙහිදී ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනා ලකුණු 50 ක පමණ ලකුණු සංඛ්‍යාවක් රැස් කර දීමට සමත් වූයේ නම් ශ්‍රී ලංකා පිලට මීට වඩා වාසි දායක තත්ත්වයක් කරා තරගය රැගෙන යෑමට හොඳින්ම අවකාශ තිබින.

කෙසේ වෙතත් ලද ලකුණු 67 ක පරාජය නිසා තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැදී සිටීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගයේ ජය අනිවාර්යය වනු ඇත. එසේ වුවහොත් තෙවැනි තරගයට දෙපිටම 1-1 ක් ලෙස කරට කර හිද තරග වැදීමේ අවස්ථාව හිමිවනු ඇත.

පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරතවූ නායක දසුන් ශානක තරඟයේ අවසන් පන්දුවට පෙර පන්දුවේදී ශතකය ක් ලබා ගන්නා ලද්දේ සිය එක්දින තරග දිවියේ දෙවැනි ශතකයටද හිමිකම් කියමිනි. දසුන් ට අමතරව එම තරගයේ දී පිත්තෙන් දස්කම් දැක්වීමට ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක,ධනංජය ද සිල්වා පමණක් සමත් වූ නමුත් ඉහතින් කී ලෙසින් ඉදිරි‌ පෙළ පිතිකරුවන් ගෙන් කණ්ඩායමට අවශ්‍ය වූ දායකත්වය නොලැබී යාම ලකුණු 374ක් වැනි දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට ශ්‍රී ලංකාවට පැවති ප්‍රධාන බාධාව විය.

අද තරගය පැවැත්වෙන ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණය ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩා‌වට සුවිශේෂීතාවක් ලබා දෙන්නකි. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කරන ලද ගමනේදී අවසන් පූර්ව තරගය පැවැති ක්‍රීඩාංගණය ක්‍රීඩාංගණය බවට පත්වීමය. එදිනද ශ්‍රී ලංකා පිලේ ප්‍රතිවාදීන් බවට පත්වූයේ ඉන්දියාව වුවත් එම තරගයෙන් ඉන්දියාව හඬවා අවසන් මහ තරගය වරම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඉන්දීය ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගනයට එල්ල කළ ප්ලාස්ටික් බෝතල් වැනි ප්‍රහාර මධ්‍යයේ තරගය නතර වෙද්දි විනෝද කම්බ්ලිට කඳුළු සලමින් ක්‍රීඩාංගණයෙන් පිටත ද ඇදී ගිය තවමත් අප මතකයන් අතර වේ. එම ජයග්‍රහණය සුවිශේෂී වන්නේද මෙම ක්‍රීඩාංගණයේදී දෙපිම අවස්ථා 5 කදී තරග වැද ඇතත් ශ්‍රී ලංකාව ලබා ඇති එකම ජයග්‍රහණය එම තරග ජයග්‍රහණය බවට පත්වීමයි.

වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවකට තරගය නැරඹීය හැකි ලොව ක්‍රීඩාංගණ අතර ඉදිරියෙන්ම තිබෙන කල්කටා ක්‍රීඩාංගණය පන්දු යවන්නන්ට සහ පිතිකරුවන්ට එක සමාන ලෙස හිතකර ක්‍රීඩාංගනය ක් බව එහි අතීත වාර්තා වලින් කියවේ. එම ක්‍රීඩාංගනයේ පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 245 ක් ලෙසත් දෙවනුවට පන්දුවට පහර දෙන කණ්ඩායමක එම ලකුණු සංඛ්‍යාව 206ක් ලෙස සටහන් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ක්‍රීඩාංගණයේ ඇති ආසන්නතම මතකය වන්නේ 2014 වසරේ පැවැති තරගය වේ. එම තරගයේදී වර්තමාන ඉන්දීය නායක රෝහිත් සර්මා ලකුණු 264 ක් ලබා ගනීමන් එක්දින තරග ලොව ඉනිමක වැඩිම ලකුණු ලද පිතිකරුවා බවට ලෝක වාර්තාවක් පිහිටු‌වූවේය. ගුහාතිහි පැවැති තරගයේදීද පන්දු 67 කට මුහුණ දුන් ඉන්දීය නායකයා ලකුණු 83 ක් රැස් කරමින් මෙම තරගාවලියේදීද ලකුණු අතරට පිවිස සිටීම ශ්‍රී ලංකාවට අනතුරු දායකය.

ශ්‍රී ලංකා පිල මුහුණ දී සිටින ප්‍රධානම ගැටලුව වන්නේ පන්දු යවන්නන් නිසි දක්ෂතාවයන් අතරට පිවිසීමට අපොහොසත්ව සිටීමයි. ප්‍රහාරාත්මක අන්දමින් ප්‍රතිවාදී පිතිකරුවන් ලකුණු ලබා ගනිද්දී ඔවුන්ට අභීයෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අපොහොසත් වී සිටියි.

තත්ත්වයක් එවන් තලයක පවතිද්දී වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංකද උරහිසේ ආබාධයකට මුහුණ දීම නිසා අද තරගයට සහභාගිවීම පිළිබඳව පවතින්නේ තවමත් අවිනිශ්චිත භාවයකි. එම්.ආර්.අයි. වාර්තාවට අනුව හෙට තරගයට ඔහුව ක්‍රීඩා කරවන්නේද නැද්ද යන්න තීරණය කෙරේ. ‌මදුශංකට අමතරව චාමික කරුණාරත්නද තුවාල ලබා සිටින නමුත් ඔහුට අද තරගයට සහභාගිවීමට වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාව සතු හොඳම පන්දු යවන්නා වන වනිඳු හසරංගටද තවමත් එක්දින තරග රටාවට අවශ්‍ය රිද්මය සොයා ගැනීමට නොහැකිවීම ද ශ්‍රී ලංකා පිල අපහසුවට පත් කරවන්නක් වී තිබේ. ඔහු මේ දක්වා එක්දින තරග 35 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇතත් දවා ගැනීමට සමත්ව ඇත්තේ කඩුලු 39 ක් පමණි. එහි කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 36.51 ක් සටහන්ව තිබේ.

‌කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම සතු වැඩිම කඩුලු ලාභියා වන්නේද වනිඳු හසරංග වන බැවින් ඔහුගෙන් වැඩි යමක් කණ්ඩායම බලාපොරොත්තු වනු ඇත. ශ්‍රී ලංකා පිල අද දිනයේදී ඇතැම් විට එක් වෙනස්කමක් හෙවත් ඩිල්ෂාන් මදුශංක වෙනුවට ළහිරු කුමාර ක්‍රීඩා කරවීමේ වැඩි අවස්ථාවක් පවතිනු ඇත.

ඉන්දීය සුපිර පිතිකරු විරාට් කෝලිට ලොව වැඩිම එක්දින ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ 5 වැනි ස්ථානයේ පසුවන මහේල ජයවර්ධනව පසු කර යෑමට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 67 ක් පමණි. කෝලි මේ වන විට එක්දින තරග 266 කදී ලකුණු 12584 ක් රැස් කරගෙන සිටින අතර මහේල තරග 448 කදී ලකුණු 12650 ක් රැස්කරගෙන සිටියි.

ඒ වගේම අද දිනයේදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 31 ක් රැස් කර ගැනීමට සමත් වුවහොත් එක්දින තරග වල ලකුනු 1000 සීමාව ඉක්මවා යෑමට ඔහු අවස්ථාව උදාවනු ඇත. අද දිනයේදී අවිශ්ක එම ලකුණු සංඛ්‍යාව රැස් කර ගැනීමට සමත් වුවහොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගයෙන් ලකුණු 1000 සීමාව ඉක්මවා ගිය දෙවැනියා බවට පත්වනු ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් එම දක්ෂතාවය දක්වා ඇත්තේ තරග 27 කට ක්‍රීඩා කර ඇති රෝයි ඩයස් වන අතර අවිශ්ක මේ දක්වා එක්දින තරග 27 කට ක්‍රීඩා කරමින් ලකුණු 969 ක් රැස් කරගැනීමට සමත්ව සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7