Cricket NewsEXCLUSIVEMatch Review

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල ක්‍රිඩා විලාසයෙන් නිසි ප්‍රයෝජන ගත් ඉන්දියාව තවත් තරඟයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරඟාවලිය ජය ගනී.!

පෙර තරඟයේ මෙන්ම මෙම තරඟයේ ද මානව දිස් වූ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය හේතුවෙන් තරග තුනකින් සමන්විත එක්දින තරඟාවලිය තවත් තරඟයක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 39.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 214ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ අද සිය ප්‍රථම ජාතන්තර එක්දින තරඟය ක්‍රීඩා කල නුවනිඳු ප්‍රනාන්දු පන්දු ලකුණු 50ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 6ක් ඇතුලත් වුනා.

කුසල් මෙන්ඩිස් ලකුණු 34ක් රැස් කළ අතර දුනිත් වෙල්ලාලගේ ලකුණු 32ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Mohammed Siraj සහ Kuldeep Yadav කඩුලු 3 බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 215ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 43.2ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 219ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ KL Rahul ලකුණු 64ක් රැස් කල අතර Hardik Pandya ලකුණු 36ක් රැස් කළා.

පන්දු යැවීමේදී ලහිරු කුමාර සහ චාමික කරුණාරත්න කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button