Cricket NewsEXCLUSIVEPremier League

වනිඳුට CPL අහිමි වෙද්දී ඔහුගේ තැන රශීඩ් ඛාන්ට හිමිවෙයි …!

Caribbean Premier League | The Sports News
පසුගියදා නිමාවූ ආසියානු කුසලාන තරඟාවලිය හේතුවෙන් මෙවර කැරිබියානු ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා එක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග හට නොහැකි විය.ඔහු මෙවර තරඟාවලිය සඳහා St Kitts & Nevis Patriots කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නා ලෙසින් එක්ව සිටියා.නමුත් ආසියානු කුසලානය පැවැත්වෙන සමය තුලදීම මෙවර cpl තරඟාවලියට දින නියම වීම හේතුවෙන් වනිඳු හට තරඟාවලිය අහිමි විය.

වනිඳු හසරංග වෙනුවට මෙවර තරඟවාරය සඳහා රශීඩ් ඛාන් St Kitts & Nevis Patriots කණ්ඩායම සමඟින් එක්ව සිටිනවා.අවසන් වසර කිහිපය තුලදී රශීඩ් CPL හි නියෝජනය කල තුන් වන කණ්ඩායම වන්නේ මෙම කණ්ඩායමයි.

Private jet for Wanindu – The Island

වනිඳුට අමතරව මෙවර තරඟාවලිය සඳහා එක්වන අනෙකුත් දඟ පන්දු යවන්නන් දෙදෙනා වන්නේ අකිල ධනංජය හා මහීශ් තීක්ෂණ යි.ඔවුන් දෙදෙනාගෙන් අකිල මේ වන විටත් St Kitts & Nevis Patriots සමඟින් එක්ව සිටිනවා.මහීෂ් මෙවර CPL තරගාවලියේදී Trinbago Knight Riders කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත අතර ඔහුට තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර තවමත් ලබා දී නොමැති බවයි වාර්ථා වන්නේ.

Indian Premier League: "Batters Have Stopped Taking Risks Against Me," Says Rashid Khan | Cricket News

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7