Cricket NewsEXCLUSIVEMatch Review

ඉන්දියාවට එරෙහිව Super 4 වටයේ අවශ්‍යම තරඟය ජයගත් පකිස්ථානය අවසන් මහා තරඟයට කිට්ටු කරයි.!

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන තරඟාවලිය ⁣මේ වනවිට දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන්නේ Super 4s තරඟ වටය ආරම්භ වීමත් සමගයි.

Super 4 තරඟ වටයේ දෙවන තරගය ලෙසින් ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති තරඟයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය කරා ඉදිරියට පැමිණීමට පකිස්ථාන කණ්ඩායම අද සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් පකිස්ථාන නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 187ක් රැස් කිරීමට සමත් වුණා.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Virat Kohli පන්දු 44කදී ලකුණු 60ක් වාර්තා කිරීමට සමත් වුනා. Rohit Sharma ලකුණු 28ක් රැස් කළ අතර KL Rahul ලකුණු 28ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Shadab Khan කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 188ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි පකිස්ථාන පිතිකරුවන් පන්දුවාර 19.5ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 182ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

පකිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Mohammad Rizwan පන්දු 51ක් තුල වෙගවත් ලකුණු 70ක් රැස් කල අතර Mohammad Nawaz ලකුණු 42ක් රැස් කළා.

පන්දු යැවීමේදී Bhuvneshwar Kumar, Arshdeep Singh, Ravi Bishnoi, Hardik Pandya සහ Yuzvendra Chahal එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

මෙම ජයග්‍රහණයත් සමග පකිස්ථානය ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය කරා ඉදිරියට පැමිණි අතර මෙහි ප්‍රථම ස්ථානයේ තවමත් පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button