Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකාව දඟ පන්දුව හමුවේ නැවතත් අසාර්ථක වෙයි.

නේදන් ලයන් (47/3) සහ ට්‍රැවිස් හෙඩ් (18/1) එක්ව ලකුණු 34 ක් ඇතුළත ශ්‍රී ලංකා පිතිකරුවන් සිව් දෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවීම නිසා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (06 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ දිවා ආහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම අමාරුවේ වැටුණේය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම තේ පානය වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 144 ක් ලබා තිබුණද ඒ වෙනුවෙන් ඉදිරි පෙළ කඩුලු 5 ක් අහිමි කරගෙන සිටියේය. That magic spinner finger: Travis Head celebrates the wicket of Kamindu Mendis, Sri Lanka vs Australia, 2nd Test, Galle, 1st day, February 6, 2025

දිමුත් කරුණාරත්න (36) සහ දිනේෂ් චන්දිමාල් (නොදැවී 70) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත්  නේදන් ලයන් විසින් දිමුත්ගේ ඉනිම අවසන් කිරීමත් සමගින් ශ්‍රී ලංකා පිතිකරුවෝ එකා පසුපස එකා දැවී ගියහ.

තණතීරුව එන්න එන්නම මන්දගාමී වෙමින් තිබේ. දිවා ආහාරයෙන් පසුව යැවුණු තුන්වැනි ඕවරයේදී තණතීරුවේ පහළින් පැමිණි පන්දුව දිමුත්ගේ සපත්තුවේ වැදී ඔහුගේ පා ඉන්නේ වැදුණේය. තම 100 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරමින් සිටි කරුණාරත්නගේ පිතිහරඹය ලකුණු 36 දී නතර වූයේ දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව ද ලකුණු 93 දී අවසන් කරමිනි.

Dimuth Karunaratne was defeated by Nathan Lyon's variations, Sri Lanka vs Australia, 2nd Test, Galle, 1st day, February 6, 2025

නේදන් ලයන් විසින් විනඩි 20 ක් ඇතුළත ඇන්ජලෝ මැතිව්ස් දවාගන්නා ලදි. ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින වඩාත්ම ජ්‍යෙෂ්ඨ සහ අත්දැකීම් බහුලතම පිතිකරුවාට ලබාගත් හැකිවූයේ එක ලකුණකි.

කමිඳු මෙන්ඩිස් සහ චන්දිමාල් එක්ව ලකුණු සංඛ්‍යාව ඉදිරියට ගෙන යමින් සිටියදී පන්දුව අතට ගත් ට්‍රැවිස් හෙඩ් හමුවේ වමත් පිතිකරුවා දැවී ගියේය. බැක් කට් පහරක් ගැසීමට උත්සාහ කළ කමිඳු සිය පහරට සූදානම් වන විටත් ට්‍රැවිස්ගේ පන්දුව පැමිණ, පිත්තේ වැදී පළමු ස්ලිප් හි සිටි ඕස්ට්‍රේලියානු නායකයාගේ දෑත් අතර සැඟවී තිබිණ. ධනංජය ද සිල්වා මුහුණ දුන් පළමු පන්දුවේදීම ගලී හි සිටි බියු වෙබ්ස්ටර්ට උඩ පන්දුවක් දුන්නෙන්, ලකුණු 34 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ වැටිණ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් තුනක් සමගින් පිටියට පිවිස සිටී. ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු වෙනුවටට පැතුම් නිස්සංක කැඳවා තිබෙන අතර වේග පන්දු යවන්නා වන අසිත ප්‍රනාන්දු වෙනුවට ළහිරු කුමාර කැඳවා තිබේ.

Pathum Nissanka is bowled trying to sweep, Sri Lanka vs Australia, 2nd Test, Galle, 1st day, February 6, 2025

පා දඟ පන්දු යවන්නා වූ ජෙෆ්රි වැන්ඩසේ වෙනුවට රමේෂ් මෙන්ඩිස් කැඳවීමත් සමගින්, නායක ධනංජය ද සිල්වාත් ඇතුළුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිට දඟ පන්දු යවන්නන් සංඛ්‍යාව 3 ක් වී තිබේ. නිශාන් පීරිස් සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනාම පිට දඟ පන්දු යවන්නන් වන නමුත් දෙදෙනාගේ පන්දු යැවීමේ ආකාරයේ වෙනසක් තිබේ. රමේෂ් වාඩත් සාම්ප්‍රදායික පිට දඟ පන්දු යවන්නකු වන අතර නිශාන් තරමක් වේගයෙන් පන්දු යවමින්, තණතීරුවෙන් හොඳ ඉපිළීමක් ලබාගන්නෙකි.

ඕස්ටේ්‍රලියානු කණ්ඩායමත් පිට දඟ පන්දු යවන්නා වන ටොඩ් මර්ෆි වෙනුවට කූපර් කොනලි කණ්ඩායමට කැඳවා තිබේ. බටහිර ඕස්ට්‍රේලියාවේ අගනගරය වන පර්ත් නුවරින් පැමිණෙන කූපර් කොනලි ද වමත් දඟ පන්දු යවන්නෙකි.

දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගය මෙන්ම සමුගැනීමේ තරගයද වන බැවින් අද පෙරවරුවේදී ඔහුට විශේෂ සිහිවටන කිහිපයක්ම පිරිනමන ලදි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button