Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා අවශ්‍යම මොහොතේ දසුන් ශානක එල්ල කල දැවැන්ත හයේ පහර.!

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුනු තරඟ 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ අද පැවති අවසන් තරඟය ජයග්‍රහණය කරමින් තරඟාවලිය ගෞරවාන්විතව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 154 ක ලකුණු පුවරුවක් ගොඩනැගීමට ඕස්ට්‍රේලියානුවන් සමත් වුණා.

ඒ අනුව ලකුණු 155ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 19කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් කළ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 58ක් තුළ ලකුණු 69ක් රැස්කිරීමට සමත්වුණා.

ඊට අනගි සහායක් ලබාදුන් නායක දසුන් ශානක ලකුණු 35 ක් රැස් කළා.

මෙම තරඟයේදි ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 9ක් ලබා ගැනීමට අවශ්‍ය වී තිබුනා.

අවසන් පන්දුවාරය යොමු කරනු ලැබුවේ KW Richardson විසින් වන අතර එම පන්දුවාරයේ ප්‍රථම පන්දුවට මුහුණ දුන්නෙ දසුන් ශානකයි.

එහිදී ප්‍රථම පන්දුවට ලකුණු රැස් කරගැනීමට අපොහොසත් වුනා.

පන්දුවාරයේ දෙවන පන්දුවේදි ලකුණු 2ක් සඳහා පිතිකරුවන් දෙදෙනා පැති මාරු කරගනු ලැබුවා.

අනතුරුව පන්දු 4කට ලකුණු 7ක් ශ්‍රී ලංකා ජයග්‍රහණය සදහා අවශ්‍ය වී තිබුනා.

ඒ අනුව එම පන්දුවාරයේ Richardson විසින් යොමු කරන ලද තෙවන පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඕස්ට්‍රේලියානු ලකුණු ගණන හා සම කිරීමට දසුන් ශානක සමත් වුනා.

ඒ අනුව අවසන් පන්දු 3ට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලබාගැනීමට අවශ්‍ය වුයේ ලකුණු 1ක් පමණයි.

නමුත් Richardson විසින් යොමු කළ පන්දුවාරයේ සිව් වන පන්දුවෙන් දසුන් දැවී ගිය අතර අනතුරුව පිටියට පිවිසි චාමික කරුණාරත්න ශ්‍රී ලංකා ජයග්‍රහණයේ අවසන් ලකුණ රැස් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා ජයග්‍රහණය පහසු කළ නායක දසුන් ශානක එල්ල කළ දැවැන්ත හයේ පහර පහතින් නරඹන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7