Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 10 කට කඩුලු 4 ක් දවාගනිමින් ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී තායිලන්ත කාන්තා පිලට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පිලට හැකිවිය.

වර්ෂාව හේතුවෙන් දෙපිලටම පන්දුවාර 15 බැගින් ලබාදී තිබූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Chanida Sutthiiruang තායිලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කරමින් නොදැවී ලකුණු 31ක් රැස්කළ අතර, ඇයගේ කණ්ඩායමේ කිසිදු සගයෙකු ද්විත්ව ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් නොවු අතර ඔවුන් පන්දුවාර 15 කට කඩුලු 7ක් දැවී ලකුණු 78ක් ලබා ගත්තා.

නායිකා චමරි අතපත්තු සහ අනුෂ්කා සංජීවනී අතර ලකුණු 54ක සබඳතාවක් ගොඩනැගුණු අතර තිපච්ච පුත්තවොන්ග් අතින් ඔවුන් දෙදෙනාම දැවී ගියද, ශ්‍රී ලංකාව පහසුවෙන් ඉලක්කය හඹා යමින් හර්ෂිත සමරවික්‍රම සහ විශ්මි ගුණරත්න 11 වැනි ඕවරයේදී ජයග්‍රහණය කරා ලගා වීමට සමත් විය.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
6
+1
11
+1
11
+1
1
+1
3
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button