Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

කොදෙව් ක්‍රීඩිකාවො ශ්‍රි ලංකාවට එරෙහි දෙවන තරගය ජයග්‍රහණය කරයි

වේලා­ස­නින්ම විස්සයි20 තර­ගා­ව­ලිය ජය ගැනීමේ අර­මු­ණින් පිටි­යට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩා­ය­මට එරෙ­හිව එකට එක කර­මින් තර­ගා­ව­ලිය සම කර ගැනී­මට සංචා­රක බට­හිර ඉන්දීය කොදෙව් ක්‍රීඩි­කාවෝ ඊයේ (26) සමත් වූහ.

දෙපිල අතර හම්බ­න්තොට මහින්ද රාජ­පක්ෂ ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ ඊයේ පැවති තර­ගයේ ඩක­ර්ත්වත් ලුවිස් න්‍යාය අනුව හිමිවූ ලකුණු 99ක ඉල­ක්ක­යක් හඹා­ගිය කොදෙව් පිල කඩුලු 4ක් දැවී ඉල­ක්කය සපුරා ගනි­මින් කඩුලු 6ක ජයක් වාර්තා කළහ.

මේ අනුව දෙපිල අතර පැවැ­ත්වෙන තරග 3කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලිය 1-1ක් ලෙස සම විය.

තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් ශ්‍රී ලංකා ඉනිමේ ඕවර 15.2කදී පිටි­යට වර්ෂාව ඇද හැලුණු අතර, ඒ හේතු­වෙන් තර­ගය නතර කිරී­මට සිදු­විය. ඒ වන විට ශ්‍රී ලංකා පිල කඩුලු 4ක් දැවී ලකුණු 89ක් රැස් කර සිටි­යහ. වර්ෂාවේ බාධා මැද යළි ශ්‍රී ලංකා පිලට පන්දු­වට පහ­ර­දී­මට අව­ස්ථා­වක් නොලැ­බුණු අතර, කොදෙව් පිල පිටි­යට පිවි­සියේ ලකුණු 99ක ඉල­ක්කය සම­ඟිනි.

මේ ඉල­ක්කය ඕවර 14.1කදී සපු­රා­ගත් කොදෙව් පිලට අහිමි වූයේ කඩුලු 4ක් පමණි. හේලි මැතිව්ස් ලකුණු 29ක්, ස්ටැෆනි ටේලර් නොදැවී ලකුණු 28, ආලියා ඇල­යින් පන්දු 8කින් නොදැවී ලකුණු 15ක් ඉනි­මට එක් කළහ. පන්දු යැවී­මේදී අමා කාංචනා, සචිනි නිසං­සලා සහ චමරි අත­ප්තතු කඩුල්ල බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා පිල වෙනු­වෙන් නායිකා චමරි අත­පත්තු පන්දු 25කින් ලකුණු 25ක් සහ විශ්මි ගුණ­රත්න පන්දු 35කින් ලකුණු 24ක් රැස් කළේ පළමු කඩු­ල්ලට ලකුණු 44ක සබ­ඳ­තා­වක් ගොඩ­න­ඟ­මිනි.

හර්ෂිතා සම­ර­වි­ක්‍රම සහ කවීෂා දිල්හාරි (නොදැවී) ලකුණු 14 බැගින් ඉනි­මට එක් කළ අතර, ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටුණු කඩුලු 4ම අෆි ෆ්ලෙචර්ගේ පන්දු ඉදි­රියේ සට­හන් විය.

දෙපිල අතර තීර­ණා­ත්මක අව­සන් තර­ගය හෙට (28) හම්බ­න්තො­ට­දීම පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button