Cricket NewsEXCLUSIVE

ICCය විසින් පිරිනමන “වසරේ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා” සම්මානය සඳහා දිමුත් කරුණාරත්න නිර්දේශ වෙයි.!

සෑම වසරකම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනු ලබන “වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා” සම්මානය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිර්දේශ කරන ලද ක්‍රීඩකයන් හතර දෙනා අතරට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ද ඇතුළත් කර තිබෙනවා.

මෙම සම්මානය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් නිර්දේශිත ක්‍රීඩකයින් සිව් දෙනා වන්නේ,

එංගලන්ත නායක ජෝ රූට්,
ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න,
නවසීලන්තයේ කයිල් ජෙම්සන්,
ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින්

යන ක්‍රීකකයින් සිව් දෙනාය.

මෙම වසරේ දිමුත් කරුණාරත්න ටෙස්ට් තරග 7ක දී ලකුණු 902ක් රැස් කරගෙන ඇති අතර ඒ අතරට ශතක 4ක් ද ඇතුළත් කරගැනීමට දිමුත් සමත්ව තිබෙන අතර මෙම නම් කරන ලද ක්‍රීඩකයන් සිව් දෙන අතරින් ඉහලම සාමාන්‍යක් සහිත පිතිකරුවා වන දිමුත්ගේ පිතිකරණ සාමාන්‍යය ලකුණු 63.8ක් ලෙසින් දැක්වෙනවා.

මෙම වසරේ Joe Root ටෙස්ට් තරග 15ක දී ලකුණු 1708ක් රැස් කරගෙන ඇති අතර ඒ අතරට ශතක 6ක් ද ඇතුළත් කරගැනීමට Joe Root සමත්ව තිබෙන අතර Joe Root පිතිකරණ සාමාන්‍යය ලකුණු 61.00ක් ලෙසින් දැක්වෙනවා.

මෙම වසරේ R Ashwin ටෙස්ට් තරග 8ක දී කඩුලු 52ක් බිඳ හෙලා ඇති අතර ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍යය 16.23ක් ලෙසින් දැක්වෙන අතර ඔහු පිත්තෙන්ද ලකුණු 337ක් රැස් කර ගෙන තිබෙනවා.

මෙම වසරේ Kyle Jamieson ටෙස්ට් තරග 5ක දී කඩුලු 27ක් බිඳ හෙලා ඇති අතර ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍යය 17.51ක් ලෙසින් දැක්වෙන අතර ඔහු පිත්තෙන්ද ලකුණු 105ක් රැස් කර ගෙන තිබෙනවා.

සෑම වසරක ම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනැමෙන මෙම සම්මානය මීට පෙර ලබාගත් එක ම ශ්‍රී ලාංකේය ක්‍රීඩකයා වන්නේ, කුමාර් සංගක්කාර පමනයි.

සංගා 2021 වසරේ දී වසරේ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමි කකර ගැනීමට සමත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7