Cricket NewsEXCLUSIVELPLMatch Review

පන්දුවාර 14 ක් පුරා ඇවිළුණු ඉතා තියුණු තරඟයකින් අනතුරුව Kandy පරාජය කළ Jaffna කණ්ඩායම LPL පිටියේ විශිෂ්ටතම ජයග්‍රහණය වාර්තා කරයි.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගමාලාව මේ වෙනවිට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා.

තරඟාවලියේ 7වන තරඟය ලෙස Jaffna kings කණ්ඩායම සහ Kandy Warriors කණ්ඩායම් අතර අද රාත්‍රී 7:30 ට ආරම්භ වීමට තිබූ තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් ප්‍රමාද වූ අතර ඒ අනුව තරඟය පන්දුවාර 14ක තරගයක් ලෙස පැවැත්වුණා.

තරඟය පුරා විහිදුනු ඉතා තියුණු තරඟයකින් අනතුරුව ලකුණු 14ක තියුණු ජයක් වාර්තා කිරීමට Jaffna Kings කණ්ඩායම සමත්වුනා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Jaffna kings කණ්ඩායම නියමිත පන්දුවාර 14 අවසානයේ ලකුණු 180ක් රැස් කිරීමට සමත් වූයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනය පුරාවට පිතිකරණයෙන් ගිණිකෙළි සැණකෙළියක් ප්‍රෙක්ශකයන්ට ප්‍රදර්ශනය කරමිනි.

එම පන්දුවාර 14 තුළ සම්පූර්ණයෙන්ම තරඟයේ ග්‍රහණය Jaffna Kings රඳවා ගැනීමටත් සමත් වුණා.

එහිදී Kandy Warriors කණ්ඩායමේ TM සම්පත් විසින් යොමු විසින් යොමු කරන ලද පන්දුවාරයේදී හයේ පහරවල් 5ක් පිට පිටම එල්ල කිරීමට අවිශ්ක ප්‍රනාන්දු සමත් වුණා.

අවිශ්ක ප්‍රනාන්දු ඒ අනුව පන්දු 23ක් තුළ ලකුණු 53 ක් රැස්කිරීමට සමත් වුණා.

Jaffna Kings ඉණිමට අනගි සහායක් ලබාදුන් නායක තිසර පෙරේරා පන්දු 21ක් තුළ අධිවේගී ප්‍රහාරයක් දියත් කරමින් ලකුණු 53 ක් රැස් කළා.

චතුරංග ද සිල්වා පන්දු 10ක් තුළ වේගවත් ලකුණු 21ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Shiraz ahmed විසින් කඩුලු 3ක් බිඳ ⁣හෙලුවා.

ඒ අනුව Kandy Warriors පිතිකරුවන්ට පන්දුවාර 14ක් තුළදී ජයග්‍රහණය සොයා යාම සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 181ක්.

එම දැවැන්ත ජයග්‍රහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kandy Warriors ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන චරිත් අසලංක සහ 64 සාර්තක ආරම්භයක් ලබා ගත් අතර ඔවුන් පළමු කඩුල්ලට ලකුණු සබඳතාවයක් පැවැත්වීමට සමත් වුනා.

චරිත් අසලංක ලකුණු 42කට දැවී ගියා.

අනතුරුව පිටියට පිවිසි Rovman Powell අධි වේගි ප්‍රහාරාත්මක පිතිකරණයක් සමග Kandy Warriors කණ්ඩායම ජයග්‍රහණය අභියසටම රැගෙන ඒමට සමත් වුයේ පන්දු 19 රැස් කරන ලද අධි වේගි ලකුණු 61 සමගිනි.

කෙසේ නමුත් Rovmanගේ දැවී යාම සමග නැවතත් තරඟය තම ග්‍රහණයය ගැනීමට සමත් වූ Jaffna Kings පන්දු යවන්නන් Kandy ඉණිම ලකුණු 166 සීමා කිරීමට සමත්වුයේ තරඟාවලියේ ⁣සිය දෙවන ජයග්‍රහණය වාර්තා කරමිනි.

පන්දු යැවීමේදී Jayden Seales කඩුලු දෙකක් බිඳ ⁣හෙළුවා. චතුරංග ද සිල්වා සහ සුරංග ලක්මාල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තරඟයේ තීරණාත්මක කඩුල්ල වූ Rovman Powell ගේ කඩුල්ල ලබා ගත් සුරංග ලක්මාල් තරඟයේ වීරයා සම්මානය හිමි කර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7