Cricket NewsEXCLUSIVE

වසර 2ක් පුරාවට අසාර්ථක වූ විරාට් කෝලි ශ්‍රී ලංකාවට එරෙහිව තම සුපුරුදු රිද්මය සොයා ගැනීමට සැරසෙයි.!

ගෙවුනු දශකයේ බිහිවූ විශිෂ්ඨතම පිතිකරුවා වූ විරාට් කෝලි සිය 70 වෙනි ශතකය වාර්තා කර වසර දෙකක් ගතවීමත් සමඟ ජාත්‍යන්තර පිටිය තුල කෝලිගේ අඛණ්ඩ පසු බෑම මේ දිනවල ක්‍රිකට් ලොව වඩාත්ම අවධානය දිනාගත් කරුණක් බවට පත්ව තිබෙනවා.

ඒ හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රශ්න පවා හටගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවා පසුගිය කාල සිමාව තුල වාර්තා කර සිටියා.

මේ දක්වා ටෙස්ට් තරඟ 98 ක් ක්‍රීඩා කර ඇති කෝලි සිය 100 වැනි ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාවට එරෙහිව ලබන පෙබරවාරි මාසයේදී ක්‍රීඩා කරනු ඇති බව සඳහන් වනවා.

ශතක ඉඩෝරයකට විරාට් කෝලි මුහුණ දී තිබෙන පසුබිමක සිය 100 වැනි ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාවට එරෙහිව විරාට් කෝලි බැංග්ලෝර්හිදී ක්‍රීඩා කිරීමට නියමිතය.

බොහෝ දුරට විරාට් කෝලි මේ දිනවල දේදුණු දේශයේදී පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය තුලදී යලිත් සිය සුපුරුදු රිද්මයට පිවිසුණහොත් ලබන පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසඳුම් සෙවිය යුතු විශාලම ගැටලු අතලොස්සට එයද එක්වනු ඇති බවනම් නොඅනුමානය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7