Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා සුපිරි ක්‍රිඩක TM ඩිල්ශාන් ඕස්ට්‍රේලියානු කහ ජර්සියෙන් සැරසී නැවතත් ක්‍රිඩා පිටියට.!

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවෙන් බිහි වූ පුරාවෘත්තයක් ලෙස සැලකෙන සුපිරි සිව් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් මේ වන විට සිය පවුලේ පිරිස සමග ඕස්ට්‍රේලියාවේ දිවි ගෙවනු ලබනවා.

කෙසේ නමුත් ක්‍රිකට් හා බද්ධව ඇති පුද්ගලයෙකු ලෙසටයි තිලකරත්න ඩිල්ෂාන් ව සැලකෙන්නේ.

මන්දයත් ක්‍රීඩාවෙන් විශ්‍රාම ලබා ගත්තද ඔහු කිසිම අවස්ථාවක ‍ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව නොසිටි බැවිනි.

එමෙන්ම විශ්‍රාම යන විටත් ක්‍රිඩක ශ්‍රේණිගත කිරීම්හි ඉහළින් සිටීමට ඩිල්ශාන් සමත්වුයේ සිය විශිෂ්ටත්වය මනාව පසක් කරමිනි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ මේ වන විට සිය බිරිඳ සහ දරුවන් සමග දිවි ගෙවන ඩිල්ෂාන් ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් වන Endeavor Hills Cricket Club ක්‍රිඩා සමාජය හා එක් වී තිබෙන අතර එහි නායකත්වය දරනු ලබන්නේ ද තිලකරත්න ඩිල්ෂාන් විසින්ම වීම විශේෂත්වයකි.

එමෙන්ම Endeavor Hills Cricket Club හි සාමාජිකත්වය ගත් 163 වන ක්‍රිඩකයා වන ඩිල්ශාන් හට හිස් වැසුම මෙලෙස පිලිගන්වන ලදි.

මේ අතර එම කණ්ඩායමට තවත් ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙකුම ඇතුළත් වන අතර දිනවල සිය පවුලේ උදවිය සමග ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටින ලහිරු තිරිමාන්න ද මෙහි ක්‍රීඩා කිරීම විශේෂත්වයක් වනවා.

ඩිල්ෂාන් Endeavor Hills කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන ජයාරූප කිහිපයක් පහතින්

01

02

03

04

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7