Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා – නවසිලන්ත එක්දින තරඟාවලිය ක්‍රීඩා නොකර IPL ක්‍රීඩා කරන්න ක්‍රීඩකයන් 7කට අනුමැතිය.!

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියෙන් නිදහස් කරමින් නවසීලන්ත ක්‍රීඩකයන් කිහිප දෙනකුටම අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමට අවසර දී තිබේ. ඒ හේතුවෙන් එක්දින තරගාවලියේදී නවසීලන්ත නායකත්වය ආරම්භක පිතිකරු ටොම් ලෙතම් වෙත පැවරී ඇත.

කේන් විලියම්සන් (ගුජරාට් ටයිටන්ස්), ටිම් සවුතී (කොල්කටා නයිට් රයිඩර්ස්), ඩෙවොන් කොන්වේ සහ මිචෙල් සෑන්ට්නර් (චෙන්නායි සුපර් කිංග්ස්) යන සිව් දෙනාම අයි.පී.එල්. තරග සඳහා නිදහස් කර තිබේ. දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව මෙම ක්‍රීඩකයන් සිව්දෙනාම ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. ෆින් ඇලන්, ලොකී ෆර්ගසන් සහ ග්ලෙන් පිලිප්ස් තිදෙනාද මේ මස 25 වැනිදා පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් පසුව ඉන්දියාව බලා පිටත්ව යනු ඇත.

ඉදිරිපෙළ ක්‍රීඩකයන් වෙනුවට දකුණු අප්‍රිකාවේ උපන් පිතිකරුවකු වන චැඩ් බෝව්ස් සහ වේග පන්දුයවන බෙන් ලිස්ටර් නවසීලන්ත එක්දින සංචිතයට එක්කරනු ලැබ සිටිති. බෙන් ලිස්ටර්, පසුගිය මාසයේදී ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී විස්සයි-20 තරගයකට සහභාගි වූ අතර චැඩ් බෝව්ස් නවසීලන්ත කණ්ඩායමට තෝරා ගන්නා ලද මුල්ම අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරගාවලිය මේ මස 25 වැනිදා ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් උද්‍යාන ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. එය තරග 3 කින් සමන්විත තරගාවලියකි. මාර්තු 28 සහ 31 දිනවලදී දෙවැනි සහ තුන්වැනි එක්දින තරග පැවැත්වීමට නියමිතය.

එක්දින තරගාවලියට පසුව තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියක් පැවැත්වේ. විස්සයි-20 තරගාවලිය අප්‍රේල් 02 වැනිදා ඕක්ලන්ඩ් නුවරදී ආරම්භ වීමට නියමිතය.

නවසීලන්ත සීමිත ඕවර සංචිතය
ටොම් ලෙතම් (නායක), ෆින් ඇලන්, ටොම් බ්ලන්ඩල්, චැඩ් බෝව්ස්, මයිකල් බ්‍රේස්වෙල්, මාක් චැප්මන්, ලොකී ෆර්ගසන්, මැතිව් හෙන්රි, බෙන් ලිස්ටර්, ඩැරිල් මිචෙල්, හෙන්රි නිකොල්ස්, ග්ලෙන් පිලිප්ස්, හෙන්රි ෂිප්ලි, ඉෂ් සෝධි, බ්ලෙයාර් ටික්නර් සහ විල් යංග්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
17
+1
2
+1
36
+1
5
+1
11
+1
17

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7