Cricket NewsEXCLUSIVETrending Article

ක්‍රිකට් කරවන බලධාරීන්ගේ කැපිල්ලට හසු වී කැපී යන, ශ්‍රී ලංකාවෙන් බිහි වීමට තිබු සුපිරි ටෙස්ට් තරුව – රොෂේන් සිල්වා

තාමත් හරි හැටි වැඩක් ගන්නෙ නැති දක්ෂයෙක් ගැනයි අපි අද ඔබට කියන්නෙ, ඒ තමයි රොෂේන් සිල්වා.

2017 ඉන්දියාව එක්ක පලවෙනි ටෙස්ට් මැච් එක ගහනවා, එදා තමන්ගෙ පලවෙනි මැච් එකෙදි දිල්ලි වලදි ඉන්දියාවට පන්දු 154 කින් නොදැවුණු ලකුණු 74* ක් ගහලා ඉන්දියාව ඉස්සරහා පැරදෙන්න ගිය මැච් එකක් බේර ගන්නවා.

එහෙම පටන් අරගත්ත රොෂන් සිල්වා 2018 අවුරුද්ද ඉවර කරන්න ඒ වෙනකොට ටෙස්ට් ලකුණු 686 ක් ගහලා. සාමාන්‍යය 38 ක්. ශතක එකක් එක්ක අර්ධ ශතක 5 ක් එක්ක.

ඒ වෙද්දි චන්දිමාල් කියන නායකයට හිටපු විශ්වාසවන්තම පිතිකරුවෙක් තමා රොෂෙන් කියන්නෙ.

ඊට පස්සෙ 2019 ජන්වාරි මාසෙ නවසීලන්තෙ එක්ක තිබ්බ එක ටෙස්ට් තරගෙදි ලකුණු 12 ක් විතරයි රොෂෙන්ට රැස් කරන්න පුලුවන් වෙන්නෙ.
ඒත් එක්කම චන්දිමාල්ගෙන් කණ්ඩායමෙ නායකත්වය දිමුත්ට කරුණාරත්නට මාරු වෙනවා.

පුදුම සහගත කරුණනම් එක දිගටම මැච් ෆේල් වෙන ක්‍රීඩකයොන්ට එක දිගටම තව තවත් චාන්ස් ලැබෙනකොට,

2019 ජනවාරි වල එක තරගයක් ෆේල් වුණ නිසා, 2019 පෙරවාරි වෙනකොට රොෂෙන් සිල්වට දිමුත් කරුණාරත්න කියන අලුත් නායකයගෙ ටීම් එකෙ ඉඩක් නැති වෙනවා.

ඒ කැපිල්ලේ තරම කොතරම්ද කියනවනම්,

පලමු පෙල සාමාන්‍ය 50 ක් එක්ක ලකුණු 8700+ ක්,
ලිස්ට් A සාමාන්‍ය 41 ක් එක්ක ලකුණු 3000+ ක්,

රැස් කරලා තිබ්බ මේ ක්‍රීඩකයට අන්තිමට පසුගිය වසර එක හමාරක් පමණ කාලය තුලදී කෙත්තාරාමයෙ තම පුහුණුවීම් සිදු කිරීමටද බලධාරීන් අවස්තාව ලබා දුන්නෙ නැ.

කොවිඩ් නිසා ක්‍රිකට් තරගද තිබ්බෙ නැති පසුගිය කාලයෙදි, වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ රොෂෙන් සිල්වා හට කිසිදු අකාරයෙ කන්ට්‍රැක්ට් එකක් ලබා නොදීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනවා.

කලකට පසු නැවතත් රොෂෙන් සිල්වා හට සංචිතයක හෝ ඉඩක් වෙන් වූයෙ මේ වසර මුල් භාගයේ පැවති එංගලන්ත තරගාවලියේදිය.ඉන් පසු අද වෙන තෙක් රොශෙන් සිල්වාට කුමන හෝ හේතුවක් මත සංචිතේයේ ඉඩක් හිමිව ඇත.

නමුත් තවමත් අර කලින් තිබූ කැපිල්ල එසේම තිබෙන බවක් පෙනෙන්නට ඇත.

මේ වන විට රොශෙන් සිල්වා එක දිගට ටෙස්ට් තරග 7 ක් ( මාස 11 ක් ) බංකුවෙ ඉන්දවා තැබීමට පාලයන් කටයුතු කර ඇත.

කුමන ක්‍රීඩකයා කෙසේ අසාර්ථක වූවත්,
අලුත් ක්‍රීඩකයන් කෙසේ කණ්ඩායමට පැමිණියත්,
කණ්ඩායමේ සංයුතිය කෙසේ වෙනස් වූවත්,
කොතරම් තරග පැරදුනත්,
තවමත් රොෂේන් හට මෙම ටෙස්ට් කණ්ඩායමෙ ඉඩක් ලැබෙන්නෙ නැත.
ඉදිරියෙදි හෝ ලැබෙන පාටක්ද පෙනෙන්නටත් නැත. !

කෙසේ හෝ බලධාරීන් මේ සෙල්ලම් කරන්නෙ ශ්‍රී ලංකා නාමය බැබලවිය හැකි තවත් විශිෂ්ට ටෙස්ට් ක්‍රීඩකයෙක්ගෙ ක්‍රිකට් ජිවිතයත් සමගයි.

 

– Cric Metric Srilanka

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7