Cricket NewsEXCLUSIVET10 League

ලොව වේගවත්ම ක්‍රිකට් ලීගයේ වනිදුගේ Deccan Gladiators කණ්ඩායම ඉදිරියේ දසුන්ගේ Chennai Braves පළමු පරාජය ලබයි.!

ලොව වේගවත්ම ක්‍රිකට් තරඟාවලිය වන අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 5වන අදියර ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වුණා.

ඒ අනුව තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් පැවති, ශ්‍රී ලංකා නායක දසුන් ශානක නායකත්වය දරන ‘The Chennai Braves’ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 24ක ජයක් වාර්තා කිරීමට Deccan Gladiators කණ්ඩායම අද(20) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ‘The Chennai Braves’ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා Deccan Gladiators කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Deccan Gladiators පිතිකරුවන් නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 3ක් දැවී ලකුණු 146ක් රැස් කිරීමට සමත් වුයේ අවසන් පන්දු වාර කිහිපයේ ‘The Chennai Braves’ පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමිනි.

Deccan Gladiators වෙනුවෙන් ටොම් මුවර්ස් පන්දු 17කින් නොදැවී ලකුණු 47ක් ලබා ගත් අතර ඊට හයේ පහර 5ක් හා හතරේ පහර 2ක් ඇතුලත් වුනා.ඇන්ඩ්‍රි රසල් පන්දු 17කින් නොදැවී ලකුණු 43යි. ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හතරේ පහර 3ක් එම ඉනිමට ඇතුළත්.

පන්දු යැවිමේ දී මුනාෆ් පටෙල්, ධනංජය ලක්ෂාන් හා දසුන් ශානක එක් කඩුල්ල බැගින් බිද හෙලීමට සමත් උනා.

ඒ අනුව ලකුණු 147ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි The Chennai Braves කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 4ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 122ක් පමණයි.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ මොහොමඩ් ෂෙසාඩ් ලකුණු 4කටත්, භානුක රාජපක්ෂ ලකුණු නොලබාත් දැවී ගියා.අනතුරුව ඇන්ජෙලෝ පෙරේරා හා රවී බොපාරා අතර තෙවැනි කඩුල්ලට ලකුණු 109ක සබදතාවයක් ගොඩ නැගුණා.ඇන්ජලෝ පෙරේරා පන්දු 29කින් ලකුණු 60ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් සමගින්.

බොපාරා පන්දු 26කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 51ක්. ඔහුගේ ඉනිම ද හයේ පහර 2කින් හා හතරේ පහර 7කින් වර්ණවත් වුණා.පන්දු යැවීමේ දී වහබ් රියාස් හා ඔඩියන් ස්මිත් කඩුලු 2 බැගින් දවා ගත්තා.

වනිදු හසරංග එක් පන්දුවාරයක් පමණක් ක්‍රියාත්මක කළ අතර, එම පන්දුවාරයේ දී ප්‍රතිවාදීන් ලබා ගත් ලකුණු ප්‍රමාණය 13ක්.

මේ අනුව දසුන් ශානක නායකත්වය දරන The Chennai Braves කදයමට මෙවර තරඟාවලිය අමිහිරි පරාජයකින් ආරම්භ කිරීමට සිදු වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7