Cricket NewsEXCLUSIVEWoman Cricket

කාන්තා ක්‍රිකට් බලගන්වන මෙරට ප්‍රධානතම කාන්තා ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ කාන්තා පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ඊයේ (23) ක්‍රීඩාංගණ 4 කදී ආරම්භ විය.

කණ්ඩායම් 8 ක් අතර පැවැත්වෙන මෙම තරගාවලිය ලීග් ශූරතාවලියක් ලෙසින් පැවැත්වෙනු ඇත.

ඉකුත් වසරේ පරිදිම තරග වදින කණ්ඩායම් අතර ශ්‍රී ලංකා යුද හමුදාවෙන් සහ ගුවන් හමුදාවෙන් ‘A’ සහ ‘B’ වශයෙන් කණ්ඩායම් 2 බැගින් තරග වදිනු ලබන අතර ඊට අමතරව නාවික හමුදාවෙන්, කෝල්ට්ස් ක්‍රීඩා සමාජය, සීනීගගම ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය තරග වදින සෙසු කණ්ඩායම් වෙති.

මෙම තරගාවලිය ලබන අප්‍රේල් මස 09 වැනිදායින් අවසන් වනු ඇත.

ගිය වසරේ පැවැති තරගාවලියේදී ශූරතාව දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.

ලීග් තරගාවලියේ පෙරමුණට පැමිණෙමින් නාවික හමුදා කණ්ඩායම ශූරතාව දිනා ගනිද්දී එම සටහනේ දෙවැනි ස්ථානයට පත් ගුවන් හමුදා කණ්ඩායම අනුශූරියන් ලෙස පත්විය.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button