Cricket NewsEXCLUSIVE

වසර 12 ක් පුරාවට විස්සයි-20 තරඟ තුලදී ඔස්ට්‍රේලියාවේදී දිග්විජය කල ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ ආධිපත්‍ය !

කැංගරු දේශයේදී වත්මන් ලෝක ශූර ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම තබා ඇති ජයග්‍රහණ වාර්ථාව දත්තමය වශයෙන් ගත්කල ඔස්ට්‍රේලියාවට වඩා ඉදිරියෙනි.

දෙරට අතර ඔස්ට්‍රේලියානු බිමේදී තරඟ විස්සයි විස්ස තරඟ 9 ක් පවත්වා ඇති අතර එහිදී තරඟ 5 ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති අතර සෙසු තරඟ 4 ම ඔස්ට්‍රේලියානුවන් ජයග්‍රහණය කරන්නට සමත් විය.

දත්තමය වශයෙන් ගෙන මතුපිටියන කියවන ඕනෑම අයෙකුට උපකල්පනය කල හැකි පහසුම කරුණ නම් ඔස්ට්‍රේලියාවේදී තරඟ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු බවය.නමුත් එම දත්ත පසු පස ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීම හා ඔස්ට්‍රෙලියානුවන් මෙම තරඟ ආකෘතියේ ප්‍රභලයන් බවට පත් වීම මනාව සැඟව ඇත.

දෙරට අතර ඔස්ට්‍රේලියාවේ පැවැති පළමු තරඟය WACA හිදී 2010 පැවැත්වුණි.එතැන් පටන් වසර 7 ක් යනතුරු සත්කාර ප්‍රභල කැංගරුවන්ට තම මව් රටේදී ශ්‍රී ලංකාවට එරෙහිව තරඟයක් ජයග්‍රහණය කරන්නට බලාසිටින්නට සිදුවිය.2010 සිට 2017 දක්වා කාලය තුලදී දෙරට අතර ඔස්ට්‍රේලියාවේදී තරඟ පහක් පැවැත්වුණු අතර එම තරඟ 5 ම ජයගරහණය කලේ ශ්‍රී ලංකාවය.

අවසන් වරට ප්‍රභල ඔස්ට්‍රේලියානුවන්ට එරෙහිව Simmonds හිදී ඔස්ට්‍රේලියාවේ දී විස්සයි විස්ස තරඟයක් ජයග්‍රහණය කලේ 2017 වසරේදීය.අසේල ගුණරත්නගේ විශිෂ්ඨ ඉනිමද කඩුලු 2 ක තියුණු ජයක් අවසන් පන්දුවේදී ශ්‍රී ලංකාවට උරුම කරදෙද්දී තරඟාවලියේද ශූරයන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම ය.

එතැන් පටන් මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේදී මුහුණ දුන් සෙසු තරඟ 4 ම පරාජයට පත්වුණි.

2019 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම Adilaide හිදී ලකුණු 134 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කෙරීය.එදා මෙදා තුර ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් තරඟ ඉතිහාසය තුල ශ්‍රී ලංකාව ලද අවමන් සහතගතම පරාජයට ශ්‍රී ලංකාව එදා මුහුණ දුන්නේය.එම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ලසිත් මාලිංග විසිනි.

2017 වසරේ සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා විශාල පසුබෑමකට ලක්විය.ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරඟ ආකෘති දෙකක ප්‍රභලයන් ව සිටි නමුත් කණ්ඩායමක් වශයෙන් විස්සයි විස්ස ආකෘතියේ වඩාත් ආක්‍රමණශීලී කණ්ඩායමක් බවට පත් වූයේ ඒ කාලය තුලදීය.

කෙසේ නමුත් මේ වසරේදී එක් කණ්ඩායමක් ඔස්ට්‍රේලාවේදී ක්‍රීඩා කිරීමට නියමිත වැඩිම තරඟ සංඛ්‍යාව ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සිදුව තිබේ.

එක් ද්වීපාර්ශ්වික තරඟාවලියක්, ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියක් හා ලෝක කුසලාන තරඟාවලියක් ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවේදී ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button