Cricket NewsEXCLUSIVE

මැණික් ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙක් විසින් “තරුණ ක්‍රීඩකයකුව” LPL හි තරඟ පාවා දීමකට සම්භන්ද කර ගැනීමට කළ උත්සහයක් හෙළි වේ – ක්‍රීඩකයා එම අවස්ථාවේම පැමිණිලි කරලා..

පසුගිය 2021 වසරේ දෙසැම්බර් මස දෙවන වරටත් කොළඹ සහ හම්බන්තොට ක්‍රීඩාංගන කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණු ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය හෙවත් ලංකා ප්‍රිමියර් ලිග් 2021 (LPL 2021). තරගාවලියේ තරග පාවා දීමක් සම්භන්දයෙන් හෙළිදරව් වී තිබෙනවා.

ඒ බව හෙළි කර තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයකු LIVE @8 පුවත් විකාශය හා සම්භන්ද වෙමිනි.

කෙසේ නමුත් අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරන ආකාරයට මැණික් ව්‍යාපාරිකයෙකුගේ පුතෙක් විසින් ක්‍රීඩකයෙක් බිලි බා ගැනීමට කළ උත්සහයක් සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් පවත්වා ඉදිරි කටයුතු උපදෙස් පතමින් ගොනුව නීතිපති වෙත යොමුකර තිබෙන බව වාර්තා කර සිටිනවා.

මෙම තරග පාවාදීමට සම්භන්ද කර ගැනීමට සූදානම් වී ඇත්තේ මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන තරුණ ක්‍රීඩකයෙකු බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

මැණික් ව්‍යාපාරික පුත්‍රයා රුපියල් කෝටියක් තරග පාවාදීම වෙනුවෙන් ක්‍රීඩකයාට ලබාදීමට කැමැත්ත පලකර ඇති අතර
දුරකතනයෙන් මෙන්ම ක්‍රීඩකයා මුණගැසී එම මුදල ලබාදීමට ඔහු උත්සහ දරා ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩකයා විසින් තරගාවලිය පැවැත්වෙමින් තිබියදී ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි කර ඇති අතර ඒ අනුව මෙම විමර්ශනය සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයටද දැනුම් දීමක් කර ඇති අතර ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධි විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක්ද මෙරටට පැමිණ විමර්ශනයක් පවත්වා තිබේ.

2020 වසරේ පැවැති LPL පළමු අදියරේදීද තරග පාවාදීමක් සම්බ්නදයෙන් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් පැවැත්විය.

නීතිපතිවරයා වෙත ඒ සම්බන්ධයෙන් ගොනුව යොමුකර ඇති අතර නීතිපතිවරයාගෙන් ලැබෙන උපදෙස්වලට අනුව ඉදිරි විමර්ශන පැවැත්වීමට එම ඒකකයේ නිලධාරීන් සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button