Cricket NewsEXCLUSIVEMatch Review

දසුන්ගේ සහ කමිඳුගෙ උත්සහය අපතේ යවමින් සිම්බාබ්වේ කණ්ඩායම ඉදිරියේ ශ්‍රී ලංකාවට ලකුණු 22ක පරාජයක්.!

සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දෙවන එක්දින තරඟය ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ දී අද පැවති තරගයෙන් ලකුණු 22ක ජයග්‍රහණයක් හිමි කර ගනිමින් තරගාවලියේ තව දුරටත් බලාපොරොත්තු තබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සිම්බාබ්වේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි සිම්බාවේ පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 302ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

සිම්බාබ්වේ වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නිරත වූ නායක Craig Ervine ලකුණු 91ක් රැස්කිරීමට සමත්වුණා.

Sikandar Raza ක් ලකුණු 56ක් රැස් කළ අතර Sean Williams ලකුණු 48ක් සමග Regis ලකුණු 47ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 3ක් බිඳ හෙලූ අතර නුවන් ප්‍රදීප් කඩුලු දෙකක් බිද හෙලුවා.

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 303 ක දැවැන්ත ඉලක්කයක් හිමිවුණා.

ඒ අනුව ලකුණු 303ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 280ක් පමණයි.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 22ක ජයග්‍රහණයක් හිමි වුණේ තරගාවලියද 1-1ක් ලෙස සම කරමිනි.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නායක දසුන් ශානක ලකුණු 102ක් රැස්කිරීමට සමත්වුණා.

එය ඉතිහාසයට එක්වූයේ දසුන් ශානක ගේ ප්‍රථම එක්දින ශතකය ලෙසටයි.

ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් සමග දැවැන්ත හයේ පහරවල් 4ක් ඇතුළත් වුණා

කමිඳු මෙන්ඩිස් ලකුණු 57 ක් රැස් කළ අතර චාමික කරුණාරත්න ලකුණු 34ක් රැස් කිරීමට සමත් වුණා.

වරෙක ලකුණු 63 කට කඩුලු 4ක් බිඳ වැටී ශ්‍රී ලංකාව දැඩි අසීරු අවස්ථාවක පවතින අවස්ථාවේ නායක දසුන් ශානක හා එක්වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 118 ක සබඳතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට පියවර ගත්තේ ක්‍රිකට් රසිකයන්ට ජයග්‍රාහී බලාපොරොත්තු ඇති කරමිනි.

ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන්ගේ අසාර්ථක වීම අද තරගයේදී දැඩිව පෙන්නුම් කළ අතර පෙර තරඟයේ ජයග්‍රාහි ඉනිම දියත් කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 2කටත් කුසල් මෙන්ඩිස් ලකුණු 7කටත් දැවී ගියා.

දෙරට අතර පැවැත්වෙන තෙවන සහ අවසාන එක්දින තරඟය එළඹෙන 21 වන දා පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7