Cricket NewsEXCLUSIVELegends SeriesPremier League

ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලානය රොබින් උතප්පා නායකත්වය දුන් රාජස්ථාන් කිංග්ස් දිනා ගනී

යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ප්‍රබල ක්‍රීඩකයන් එක්වූ ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන (LCT) පන්දු 90 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට රොබින් උතප්පා නායකත්වය දුන් රාජස්ථාන් කිංග්ස් පිල සමත් විය.

පෙරේදා රාත්‍රියේ පැවති තරගාවලියේ අවසන් තරගයේදී ප්‍රබල නිව්යෝර්ක් සුපර්ස්ටාර්ස් ස්ට්‍රයිකර්ස් පිල ලකුණු 20කින් පරාජය විය.

මූලික වටයේ දෙවැනි ස්ථානයෙන් රාජස්ථාන් පිල අවසන් තරගයට එක් වූ අතර, තරග 6කින් එක් පරාජයක් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් ස්ට්‍රයිකර්ස් පිල අවසන් තරගයට පිවිසියේය.

අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් පිල කඩුලු 4ක් දැවී ලකුණු 179ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ස්ට්‍රයිකර්ස් පිලට ඕවර 15 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 159ක් පමණි.

නායක යුවරාජ් සිං පන්දු 22කින් ලකුණු 54ක් රැස් කරමින් ස්ට්‍රයිකර්ස් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, චාමර කපුගෙදර පන්දු 15කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 30ක්, අසේල ගුණරත්න පන්දු 13කින් ලකුණු 24ක් සහ ඉසුරු උදාන නොදැවී එක් ලකුණක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී චතුරංග ද සිල්වා කඩුල්ලක් දවා ගත්තේය.

ඇෂ්ලි නර්ස් පන්දු 41කින් වේගවත් ලකුණු 97ක් රාජස්ථාන් ඉනිමට එක් කළ අතර, ඇන්ජලෝ පෙරේරාගේ ඉනිම ලකුණු 2කට සීමා විය. චතුරංග ද සිල්වා නොදැවී ලකුණු 2ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී ජෙරම් ටේලර් කඩුලු 3ක් සහ නුවන් ප්‍රදීප් කඩුල්ලක් දවා ගත්හ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button