Cricket NewsEXCLUSIVEInternational

වෝනර්ගේ හිඩැස පිරවීමේ වගකීම ස්ටීව් ස්මිත් ට ! ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම ආරම්භක පිතිකරණ භූමිකාව ස්මිත්ට !

ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා වූ ඩේඩිඩ් වෝනර් ඉකුත් සතියේ තම අවසන් ටෙස්ට් තරඟය පකිස්තානයට එරෙහිව ක්‍රීඩා කලේය.

වෝනර්ගේ සමුගැන්මෙන් පසුව වතමන් ටෙස්ට් ලෝක ශූරයින්ගේ නවතම ටෙස්ට් ආරම්භක පිට්ජිකරුවා කවුරුන් වේවිද යන්න ජාත්‍යන්තර පුරාවට නිර්මාණය කලේ විශාල ප්‍රශ්‍නාර්ථයක්.

කෙසේ නමුත් මානස් ලබුශේන් වැනි ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ සාමාජිකයින් පවා විශ්වාස කලේ වෝනර්ගෙන් පසුව ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමට ආරම්භක පිතිකරුවෙකු ලෙසින් සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත් හට ක්‍රීඩා කල හැකි බවයි.

අද ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටියේ ස්වීව් ස්මිත් ඉදිරි තරඟාවලි තුලදී ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙසින් ක්‍රීඩා කිරීමට නියමිත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button