Cricket NewsEXCLUSIVELPL

ලංකා ප්‍රිමියර් ලිග් තරඟාවලියේ හදිසි වෙනසක් – LPL අධ්‍යක්ෂක රවීන් වික්‍රමරත්න ධුරයෙන් ඉවත් වෙයි.!

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලි අධ්‍යක්‍ෂකවරයා ලෙස සමන්ත දොඩන්වල මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

පසුගිය තරගාවලි දෙකෙහිදී (2020-2021) අධ්‍යක්‍ෂකවරයා ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති රවීන් වික්‍රමරත්න මහතා පෞද්ගලික හේතූන් මත ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලි අධ්‍යක්ෂක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෙකු වන දොඩන්වල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලි කමිටුවේ සභාපතිවරයා ද වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ LPL හි පාලන ආයතනය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නියම කර ඇති නීතිරීති සහ රෙගුලාසිවලට සම්පුර්ණයෙන්ම අනුගත වෙමින් ලංකා ප්‍රිමියර් ලීග් (2022) තරගාවලිය පැවැත්වීමේ වගකීම දොඩන්වල මහතාට පැවරෙනු ඇත.

හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන දොඩන්වල මහතා 1991 සිට 1997 දක්වා කාලය තුළ එස්.එස්.සී ක්‍රීඩා සමාජය නියෝජනය කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමද නියෝජනය කර ඇත.

වෘත්තියෙන් තේ රස පරීක්ෂකයකු වන දොඩන්වල මහතා වර්තමානයේ වෙළෙඳ නිෂ්පාදන තැරැව්කරුවන්ගේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අතර 2020/2021 කාලයන්හි කොළඹ තේ තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ද විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7