Cricket NewsEXCLUSIVEIPL

මහිෂ් තීක්ෂණගේ මායාකාරී කැරම් පන්දු ඉදිරියේ RCB පිතිකරුවන් පසුබායි – එකම පන්දුවාරයේ කඩුලු 3ක් බිඳ හෙළමින් සුපිරි පන්දු යැවීමක්.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 49වන තරගය ලෙස මහිෂ් තීක්ෂණ සහ මතිෂ පතිරණ ක්‍රීඩා කරන Chennai Super Kings සමග වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වී තිබෙනවා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Chennai Super Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Royal Challengers Bangalore කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර ම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 8ක් දැවී ලකුණු 173ක් රැස් කළා.

එහිදී Chennai Super Kings කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මහිෂ් තීක්ෂණ අදත් සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් සිය පන්දුවාර 4තුල ලකුණු 27ක් පමණක් ප්‍රතිවාදී පිතිකරුවන්ට ලබා දෙමින් කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වුනා.

මහිෂ් තික්ෂනගේ එම සුපිරි පන්දු යැවීම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button